සජිත් රංජන් ගැන කරන දේ කියයි

364

අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත්, තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායක කීය.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුනපුනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූ බවත් පැවසූ ඒ මහතා කණගාටුවට කරුණ වන්නේ එය ප්‍රායෝගිකව ඉටු ඉටුනොවීම යැයිද පැවසීය.

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (03) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර රංජන් රාමනායක මහතා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායක මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment