සජිත් – රාජිත සහ චතුර හිරුණිකා බලන්න වැලිකඩ යති

2007

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීම සඳහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන් පෙරේදා (29දා) බන්ධනාගාරයට ගොස් ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මත්මිය කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇයගෙන් විශේෂ ඉල්ලීම් කිසිවක් ඉදිරිපත් වී නැති බවත් සාමාන්‍ය සිරකාරියක් ලෙස ඇය සිටින බවත් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඩී. දිසානායක මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඇය බැලීම සඳහා මසකට වරක් තිදෙනකුට අවස්ථාව හිමිවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය අදාළ නැති බවත් පැවැසූ ඒ මහතා ඇයගේ නීතිඥවරයාට ද බන්ධනාගාරයට පැමිණ ඇය හමුවිය හැකි බව පැවැසීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අභියාචනයක් කළහොත් ඉන්පසු ඇය බැහැදැකීමේ අවස්ථා සතියකට වරක් ලෙස සංශෝධනය වන බවද කියා සිටියේය.

චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment