සජීව සහ ගයනිගෙන් රුසියාවේදී ඉතිහාසගත බොක්සිං ජයග‍්‍රණයක්

474

ශී‍්‍ර ලංකා බොක්සිං ඉතිහාසයේ ලෝක ති‍්‍රවිධ හමුදා බොක්සිං ශූරතා පදක්කම් දිනු පළමු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් බවට පත්වන්නට යුද හමුදාවේ සජීව නුවන් කුමාර සහ ගුවන් හමුදාවේ ගයනි නිසංසලා කලූආරච්චි සමත්වූහ. එ් රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වෙන 58 වැනි ලෝක ති‍්‍රවිධ හමුදා බොක්සිං ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් ද්විත්වයක් ජයග‍්‍රණය කරමිනි.

රටවල් 36ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තරග වදින ලෝක ති‍්‍රවිධ හමුදා බොක්සිං තරගාවලියේදී කිලෝ ග‍්‍රෑම් 49 ලයිට් ෆ්ලයිවේට් බර පන්තිය නියෝජනය කරමින් තරග කළ සජීව නුවන් කුමාර අවසන් පූර්ව තරගයේදී බ‍්‍රසීල කී‍්‍රඩක කොන්කිව් කාවෝ හමුවේ පරාජයට පත්විය. එ් අනුව බ‍්‍රසීල කී‍්‍රඩකයා අවසන් තරග වරම් හිමිකර ගනිද්දී ශී‍්‍ර ලංකාවේ නුවන් කුමාරට ලෝකඩ පදක්කම හිමිවිය.

තරගාවලියේ කාන්තා කිලෝ ග‍්‍රෑම් 75 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගයනි නිසංසලා කලූආරච්චි තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී බ‍්‍රසීල කී‍්‍රඩිකාවක් හමුවේ පරාජයට පත්විය. එ් අනුව ඇයටද අවසන් මහා තරග බලාපොරොත්තු අහිමි වෙද්දී ලෝකඩ පදක්කමකින් සෑහිමකට පත්වන්නට සිදුවූවාය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment