සටන අතට ගන්න දැන් කාලය හරි… බොරු කියලා බලය ගත්තු අය දැන් අනාගෙන… රට හදන්න පුළුවන් රටට අභිමානයක් දිය හැකි එකම නායකයා රනිල් වික‍්‍රමසිංහයි….

249

එජාප සභාපති වජිර අබේවර්ධන

මේ රට දාලා කොරියාවට, යුරෝපයට, මැද පෙරදිගට නොයා තරුණ තරුණියන්ට අප රට තුළම නැගී සිටින්නට ජීවත්වෙන්නට රැුකියා කරන පසුබිම ඇති කරන්න හැකි එකම නායකයාත් 2023 වන විට මේ රට තුළින් ලෝකයටම අලෙවි කළහැකි රටටම අභිමානයක් දිය හැකි එකම නායකයාත් එජාප නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පමණකැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

සටන අතට ගන්න දැන් කාලය හරි... බොරු කියලා බලය ගත්තු අය දැන් අනාගෙන... රට හදන්න පුළුවන් රටට අභිමානයක් දිය හැකි එකම නායකයා රනිල් වික‍්‍රමසිංහයි....

අද අපේ පක්‍ෂයට විරුද්ධව කි‍්‍රයාකරන බහුතර පිරිස අපේ විරුද්ධ පක්‍ෂයේ අය නොවෙයි. අපේ පක්‍ෂ කඩාගෙන ගිහින් වෛරී දේශපාලනය කරන කණ්ඩායම එයින් මුදා එය පාලනය කරලා මේ සටන අතට ගන්න කාලය එළැඹ තිබෙනවා. එජාපය වැටෙන්න එකම හේතුව නායකයාට පහරදීමයි. දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මහතාට පහර ගැසුවේත් එදා පක්‍ෂය තුළම සිටි අයයි. පක්‍ෂයක් නැති කරන්න තිබෙන හොඳම මාර්ගය තමන්ගේ නායකයාට පහරදීමයි. එජාප ඉතිහාසයේ විවිධ අවස්ථාව එවැනි හානි කිරීම් සිදුවුණා යැයි අබේවර්ධන මහතා කීය.

සමගි ජනබලවේගයට සහාය දැක්වීම නිසා පක්‍ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වෙනුවට නව මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණි. එජාප නිල ප‍්‍රකාශනය වන ‘සියරට’ පුවත්පතේ වෙබ් අඩවියද වික‍්‍රමසිංහ මහතා විසින් ඇරඹීය.

එහිදී අබේවර්ධන මහතා මෙසේද කීවේය.

අද මුළු මහත් ජාතියටත්, රටටත්, ජාත්‍යන්තරයටත් සියලූ දෙනාටම තේරුම්ගත හැකි ප‍්‍රධාන කාරණයක් තමයි සෑම තප්පරයකම රට වැටෙනවා. ආර්ථිකය වැටෙනවා. සමාජය විනාශ වෙනවා. සෑම අංශයක්ම කඩා වැටෙනවා. දැන් කියනවා මේක ගොඩගන්න පුළුවන් රනිල්ට විතරයි කියලා. ඇත්තටම දැන් මේක ගොඩගන්න පුළුවන් රනිල්ට තමයි. එසේනම් එය ගොඩනැගීමට අපට කි‍්‍රයාදාමයක් තිබිය යුතුයි. ඡුන්ද මධ්‍යස්ථාන

12000 ටම එම වැඩසටහන තිබිය යුතුයි. සෑම මැතිවරණ කොට්ඨාසයකටම එම වැඩසටහන තිබිය යුතුයි. ප‍්‍රාදේශීය සභා, නගර සභා 300 ටම එම වැඩසටහන තිබිය යුතුයි. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 377 ටම එම වැඩසටහන තිබිය යුතුයි. ග‍්‍රාම සේවා වසම් 14022 ටම එම වැඩසටහන තිබිය යුතුයි. ඒ නිසා තමයි එතුමා මැති සබයට යනවිට අපි කිව්වේ ‘‘රටට අවැසි මොහොතයි’’ කියලා.

අපේ පක්‍ෂ නායකයාගේ තියෙන ප‍්‍රධාන අදක්ෂකම මොකක්ද? ඇත්ත කියන එක. ඇත්ත කියලා පැරදිලා අපි ගෙදර හිටියා. අනිත් අය බොරු කියලා බලය අරගෙන පාලනය කරන්න බැරිව ඉන්නවා. දැන් අනාගතයේදී ගමට අපිට අවශ්‍ය කරන්නේ කවුද? අපිට අවශ්‍ය නිකන් දෙනවා කියලා අත්පුඩි ගහන නායකයෙක් නම්, රට ඉවරයි. නිදහසින් පසුව විශාල වැඩ කොටසක් එක්සත් ජාතික පක්‍ෂය කර තිබෙනවා.

නායකතුමන්ගේ කතාවේදී එතුමා කිව්වා අවු. 10 ක් 15 ක් එක දිගට වැඩකරන්න පුළුවන් යකඩ ජාතික ප‍්‍රතිපත්තියක් සමාජගත කළයුතුයි කියලා. ඒ කියන්නේ සියලූදෙනාම එකතු කරගෙන රට ගොඩගතහැකි ප‍්‍රතිපත්තියක්. දැන් ඒක කරලා තමයි 2015 ජනවාරි 8 වැනිදා සිට 2019 අගභාගය වනතෙක් එක්සත් ජාතික පක්‍ෂය රට පාලනය කළේ. ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ පාලනයකින් තබාගෙන රට පාලනය කළේ නිකන් නෙමෙයි. නිකන් නෙමෙයි රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගෙත් පඩි වැඩිකර රට පාලනය කළේ. ඊට වැඩිය හොඳ දෙයක් කරන්න තමයි 2020 එක්සත් ජාතික පක්‍ෂයත් විනාශ කරලා වෙනත් බලවේග එකතු වෙලා රට සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය තත්ත්වයකට පත්කළේ. නායකතුමා අනුමත කර තිබෙනවා ලිපි ලේඛන බොහෝමයක්. එක ලිපි ලේඛනයක් තමයි, මැතිවරණ කොට්ඨාසයේ අවම වශයෙන් 50 ක බළකායක් හදන්න කියලා මෙහෙයුම් කමිටුවක්. ඒ සඳහා වෙනම ලිපි ගොනුවක් ඔබට ලැබෙනවා. ඒ 50 අවම උපරිම 100 කට යටත් කර මැතිවරණ කොට්ඨාසයේ මෙහෙයුම් කමිටුවක් හදන්න කියලා. ඊට පසුව තවත් ලිපි ගොනුවක් ලැබෙනවා. අවුරුදු 16 ත් 28 ත් අතර, ඒ කියන්නේ 2015 න් පස්සේ ඡුන්දේ ලැබෙන අය. ඒ අය යුද්දේ දැකලා නැහැ. ඒ ගැන කිසිදු අවබෝධයක් නැහැ. 16 ත් 28 ත් අතර තරුණ තරුණියන් අවම වශයෙන් ඡුන්ද මධ්‍යස්ථානයකින් 5 දෙනකු නම් කර තිබෙනවා. ඒ ලිපි ගොනුවෙම තවත් කොටසක් නායකතුමන් නම් කර තිබෙනවා. කාන්තාවන් අවම 5 දෙනකු නම් කර තිබෙනවා. වෘත්තීයවේදීන් සඳහා වෙනම ලිපි ගොනුවක් සකස් කර තිබෙනවා. වෛද්‍යවරු, නීතිවේදීන්, මිනින්දෝරුවන් මෙන්ම අනෙකුත් වෘත්තීයවේදීන් තමන්ගේ ඡුන්ද මධ්‍යස්ථානයෙන් ගොනුකළ හැකි ප‍්‍රමාණය සූදානම් කරලා දෙන්න. ඒ වගේම සෑම ඡුන්ද කොට්ඨාසයකම ආගමික නායකයන්.

දැන් අපි දිවුරුම් දීලා රනිල් වික‍්‍රමසිංහ හිටපු අග‍්‍රාමාත්‍යතුමා අභයාරාමයට ගියා. සමහර අය එක එක කතා කියනවා. අභයාරාමයේ වැඩවසන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියනවා, 1977 මාර්තු 7 වැනිදා මේ බෝධිය ළඟ ඉඳගෙන ඡුන්ද ව්‍යාපාරය පටන් ගත්තේ කියලා. අද මම ඔබතුමාට ආශිර්වාද කරනවා. විනාශ වෙන රට ගොඩගන්න. පුවත්පත්වල ලොකු අකුරෙන් දානවා දූරදර්ශී නායක රනිල් වික‍්‍රමසිංහට රට ගොඩගන්න පුළුවන් කියලා. මේක දැන් කියන්නේ කවුද? අපේ ප‍්‍රතිවිරුද්ධ මූලස්ථානයේ නායක හාමුදුරුවෝ.

අපේ නායකත්වය අපි නිසියාකාරව අලෙවි කළ යුතුව තිබෙනවා. ඊළඟ සියවසේ දේශපාලන වේදිකාවේ නැවතත් අපිට අවශ්‍ය කරන්නේ අරක මේක නිකන් දෙන්නම්. සේරම නිකන් දෙන්නම් ඒ නිසා කරුණාකරලා අපිට ඡුන්දේ දෙන්න කියන නායකයෙක්ද? නැහැ. අපිට අවශ්‍ය කරනවා නායකයෙක්. යම් සුබසාධන කටයුත්තක් කරනවානම්, ඒ සුබසාධන කටයුත්ත කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් නායකයෙක්. ඒ නායකයා තමයි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය නිසා මුළු රටම විනාශ වෙමින් තිබෙනවා. නමුත් රනිල් වික‍්‍රමසිංහ නායකතුමන්ට විතරයි පුළුවන් ආසියාව සමඟ ජාත්‍යන්තරය සමඟ යුරෝපය සමඟ චීනය සමඟ සියලූ අධිරාජ්‍යයන් සමඟ හරියට පාලනය කරලා ශ‍්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්න. එහෙම කරන්න බැරි අය ඉන්න නිසා තමයි අද රට මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂය නිදහසින් පසු නිදහස් සෞඛ්‍ය දීලා ඉවරයි. නිදහස් අධ්‍යාපනය දීලා ඉවරයි. නිදහස් කෘෂිකර්මාන්තය දීලා ඉවරයි. රූපවාහිනිය දීලා ඉවරයි. ෂඔ දීලා ඉවරයි. ඒ සියල්ලම දී අවසන්.

දැන් අපිට අලූත් ඉලක්කයක් අවශ්‍යයි. ඒ ඉලක්කය තමයි. රනිල් වික‍්‍රමසිංහ නායකතුමන් කියනවා 77 න් පස්සේ අපේ රටේ තරුණ තරුණියන්ට පිටරට ගොස් වැඩකරන්න පුළුවන් සමාජයක් ඇතිකළා. 77 ට කලින් විදෙස්ගත වුණේ තෝරගත් පවුල් කිහිපයක ළමුන් පමණයි. 77 න් පස්සේ ඕනම කෙනෙක්ට විදෙස්ගත වෙන්න පුළුවන් අවස්ථාව ලැබුණා.

චමින්ද සිල්වා, පිංතූර – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment