සටන නවත්වන්න එපා!

435

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි මහ පාරේ සටන දිගටම ගෙන යන ලෙස උද්ඝෝෂණ දක්වන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

‘‘උද්දච්ඡ ස්වරූපයකින් ක‍්‍රියා කරන පාලකයා සහ ආණ්ඩුවත් පලවා හැරිය යුතුයි’’ යැයි ද හෙතෙම කීවේය.

ජනතා උද්ඝෝෂණ වෙනුවෙන් ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ සහයෝගය, මැදිහත්වීම උපරිම ලබා දෙන බවත් කී දිසානායක මහතා උද්ඝෝෂණ ව්‍යාපාරය තව තවත් තීව‍්‍ර කළ යුතු බවත් පැවසීය.

දිසානායක මහතා පෙරේදා (08 වැනිදා) එම අදහස් පළ කළේ රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment