සත්ත්ව අසූචි මිශ‍්‍ර ජලය පරිහරණය කිරීම නිසා ජනතාව රෝගී වෙති… නෝර්වුඩ් පවුල් 700 ක් වතුර නැතිව අපා දුකේ

271

නෝර්වුඞ් ප‍්‍රදේශයේ පවුල් 700කට වැඩි පුද්ගලයන් 3500ක පමණ ජන කොටසක් නියෝජනය කරයි. එම ප‍්‍රදේශවල ළමා, වැඩිහිටි, තරුණ පිරිස් පිරිසිදු පානීය ජල පොදක් නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහුණ පාමින් දැඩි දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින්නෝය.

නොර්වුඞ් නගරය නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ – නෝර්වුඞ් ප‍්‍රාදේශීය සභාවට අයත් බල ප‍්‍රදේශයේ වූ ප‍්‍රධානම නගරයකි. දිස්ත‍්‍රික්කයේ අනෙකුත් නගර සමග සසැඳීමේ දී උප නගරයක් වන මෙය ග‍්‍රාමීය හා තේ වතුවලින් සමන්විත ප‍්‍රදේශයකි. මෙය ඉතා පැරණි නගරයකි. ඒ හා සමානව ම ජනාවාස බවට පත් වූ නෝර්වුඞ් ජනපදය මෙන්ම එම ජනපදයේ ඉහළ කොටස හා තවත් කොටස් කීපයක ජීවත්වන මෙම පිරිසට බීමට තරම්වත් පිරිසිදු ජලය සම්පාදනය කිරීමේ විදිමත් වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක නොවේ.
වසර විසිපහකට පමණ පෙර අඹගමුව ප‍්‍රාදේශීය සභාව විසින් පානීය ජලය බෙදා හැරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කර තිබුණ ද ඉහළ යන ජනගහනයට සාපේක්ෂව එය සංවර්ධනය වී නැත. එවන් වකවානුවක පසුගිය වසර ගණනාවක සිට රාජ්‍ය නොවන සංවිධාන කීපයක මැදිහත් වීමෙන් ජල ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට උත්සහ කර තිබේ. එලෙසින් ක‍්‍රියාත්මක කළ වැඩකටයුතු අසාර්ථක වීම නිසා ජනතාව තව දුරටත් අපහසුතාවයට පත්ව ඇත. වසර තුනකට පමණ පෙර රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත් වීමෙන් විශාල ජල ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කළ ද පසු කාලීනව එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක නොවී මඟහැරී ගිය බව ජනතාව පවසති.

සත්ත්ව අසූචි මිශ‍්‍ර ජලය පරිහරණය කිරීම නිසා ජනතාව රෝගී වෙති... නෝර්වුඩ් පවුල් 700 ක් වතුර නැතිව අපා දුකේ

කෙසේ වෙතත් අද වනවිට මෙම ගම්මානවල හ නගරයේ ජනතාවට ජල පෝෂක ප‍්‍රදේශවල සිටින විවිධ පිරිස් පරිහරණයෙන් පසු ඉවතලන දෑ මිශ‍්‍රවූ ජලය මෙන්ම හා කඳු මුදුන්වල සිට සත්ත්ව අපද්‍රව්‍ය හා මළකඩ සහිත රොන් මඩ මිශ‍්‍ර වූ ජලය පානය කිරීමට සිදුව තිබේ.

එම ජලය පානය කිරීම නිසා රෝගීවූ ඇතැම් පිරිස් පවසන්නේ මෙම ජලය පානය කිරීම හේතුවෙන් විවිධ ආසාදනවලට ලක්වීම නිසා රෝහල්ගත වන්නට සිදු වූ බවය. එම නිසා මුදල් වැය කරමින් වෙළෙඳ පොළෙන් බෝතල් කළ ජලය පානය කිරීමට සිදුවී තිබෙන බවය.

බොහෝ කලකට පෙර සිට ක‍්‍රියාත්මක වන ජල ව්‍යාපෘතියක් මගින් මේ වනවිටත් නිසි ජල සැපයුමක් නැතත් කමිටුවේ පුද්ගලයන් විසින් මාසිකව සෑම නිවසකින්ම මුදල් අය කරනු ලැබේ. එමෙන් ම දෛනිකව ජල සැපයුම සිදු නොවුවත් ඉඳහිට හෝ ලැබෙන ජලය පිරිසිදු බවකින් තොර වුවත් නොකඩවා මුදල් ගෙවීම සිදු කළ යුතු බවටත් මැසිවිලි නැෙඟයි. එමෙන්ම එසේ ජලය ලබා දීමේ දී විධිමත් පෙරහන් පද්ධතියක් හෝ ක‍්‍රියාත්මක නොකරන අතර කාණු පද්ධති ඔස්සේ ගලා බසින නළ මාර්ග මගින් ලබා
ගැනීම සිදුව ඇති බව ද පෙන්වා දෙති.

ප‍්‍රදේශයේ ජල උල්පත් කළමනාකරණය කරමින් හෝ කෙහෙල්ගමුව ඔයේ ජලය උපයෝගි කරගෙන විදිමත් පානීය ජල ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නේ නම් ප‍්‍රදේශවාසීන්ට පිරිසිදු පානිය ජලය ලැබෙනවා සේම ඔවුන් සෞඛ්‍යාරක්ෂිත වනු ඇත. එමෙන් ම රැුකියා අවස්ථා රැුසක් ද උත්පාදනය වනු ඇත. එනමුත් වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවන්නේ මන්දැයි යන්න ගැටලූ සහගතය.

නෝර්වුඞ් ප‍්‍රදේශවාසීන් අත්විඳන මෙම දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් නෝර්වුඞ් ප‍්‍රාදේශීය සභාවේ සභාපති කොලඳවේල් රවි මහතාගෙන් විමසූවිට පැවසුවේ එම ප‍්‍රදේශවල ජනතාවට පානීය ජලය සම්බන්ධයෙන් ගැටලූවක් තිබෙන බවත් එම ගැටලූව විසඳීම සඳහා නියමු ව්‍යාපෘතියක් සකස්කර අමාත්‍යාංශය වෙත යවා ඇති බවත්ය. මුදල් ලැබුණු පසු එය ක‍්‍රියාත්මක කිරීමට හැකි බව පැවසීය.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment