සත්තුවත්තේ වර්ජනයක්

164

දෙහිවල සත්වෝද්‍යානයේ සේවක පිරිසක් දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට අද (18) උදෑසන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උද්ඝෝෂණයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය සහ ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමයේ සේවකයන් විසින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන ලදී.
දෙහිවල සත්වෝද්‍යානයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ශර්මිලා රාජපක්ෂ මහත්මිය ට විරෝධයපාමින් සහ සේවකයින් ගෙන් කිහිප දෙනෙකුට පමණක් ලබා දුන් රුපියල් පන්දහසේ අනතුරු දීමනාව අනෙකුත් සේවකයින්ටත් ලබා දෙන ලෙසත් පශු වෛද්‍යවරුන්ගේ තිබෙන අකාර්යක්ෂමතාවය හා නොහැකියාව නිසා දිනෙන් දින වැඩි වශයෙන් මියයන සතුන් වෙනුවෙන් සුදුසු පශු වෛද්‍යවරුන් පත් කරන ලෙසටත් ඉල්ලමින් දෙහිවල සත්වෝද්‍යානයේ සේවක පිරිස මෙම උද්ඝෝෂණයේ නියැලිණි.

advertistmentadvertistment
advertistmentadvertistment