සත්වෝද්‍යානයේ අලුත් බබා පෝරු කෑඳැති පැටවා මහජන ප්‍රදර්ශනයට

188

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ අලුත උපන් ‘පෝරු කෑඳැති’ පැටවා ඉකුත් 27 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට එක්කළ බව සත්ව උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

පැටවා ප්‍රදර්ශනයට එක්කරමින් මෙම කෑඳැති පරපුරේ ජීවන චක්‍රය පිළිබඳ අපූර්වත්වය සත්ව උද්‍යාන මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය විසින් පැහැදිලි කරන ලදී. ඒ අනුව ගස් බෙනයක සාදාගන්නා විශාල කුහරයක ගැහැනු සත්වයා බිත්තර දැමීම සිදුකරයි. එම බිත්තර සමග ගැහැනු සත්වයා කුහරයේ සිටියදී ආහාර සැපයීමට පමණක් කුඩා සිදුරක් තබා විශේෂ මැටි වර්ගයකින් එය වසා දමා කෑඳැත්තා ආරක්ෂාව සපයයි. නියමිත දින ගණන අවසානයේ මැටි ආවරණය කඩා මව සහ පැටවා ඉවතට ගෙන පෝෂණය කරයි.

එසේ නිරෝගී තත්ත්වයට පත් මෙම පෝරු කෑඳැති පැටවා නරඹන්නන් සඳහා ප්‍රදර්ශනයට එක්කර තිබේ. මෙම සතුන් වසරකට බිත්තර දෙකක් හෝ තුනක් දමන අතර ගම්මිරිස් ඇට, කෝපි ඇට, සර්පයන්, මීයන්, හූනන්, කෘමීන් ආදිය ආහාරයට ගන්නා බව ඒ මහත්මිය පැවසුවාය.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment