සත්වෝද්‍යාන සංචාරක ගාස්තු වැඩි කරයි

329


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.

සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ගාස්තු සංශෝධනය යටතේ අතර දේශීය සංචාරකයින්ගෙන් අය කෙරෙන නව ගාස්තු මෙසේය.
දෙහිවල සත්වෝද්‍යානය,පින්නවල අලි අනාථාගාරය සහ පින්නවල සත්වෝද්‍යානය වෙත ඇතුළුවීමේදී මෙතෙක් වැඩිහිටියන්ගෙන් අයකළ රුපියල් 110ක මුදල රුපියල් 200 දක්වා ඉහළ දමා ඇත.ළමුන්ගෙන් අයකළ රුපියල් 30ක මුදල රුපියල් 50 දක්වා දක්වා ඉහළ දමා ඇත.රිදීගම සෆාරි උද්‍යානය සඳහා වැඩිහිටියන්ගෙන් අයකළ රුපියල් 350ක මුදල රුපියල් 500 දක්වාත් ළමුන්ගෙන් අයකළ රුපියල් 120ක මුදල රුපියල් 150 දක්වාත් වැඩිකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment