සත්වෝද්‍යානය තුළ වංචා දූෂණ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය අනාවරණය කර ගත්තා : දූෂිතයන් කලබල වෙලා!

335

ජා.ස.දෙ. සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ

සත්වෝද්‍යානය තුළ කලක සිට කරගෙන ආ වංචා දූෂණ අක‍්‍රමිකතා නව අධ්‍යක්ෂ ජනරාල්වරිය යටතේ අනාවරණය වීමත් සමග කලබලයට පත්වූ ඇතැම් දූෂිතයන් මඩ ප‍්‍රචාර දියත් කරමින් සත්වෝද්‍යානයේ නව පරිපාලනය කඩාකප්පල් කිරීමට බොළඳ උත්සාහයක් ගනිමින් සිටිනා බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ පශු වෛද්‍යවරුන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික සත්වෝද්‍යාන ක‍්‍රියාකාරී සේවක සංගමය හා ශ‍්‍රී ලංකා පොදුජන සේවක සංගමය එක්ව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය හා උපවාසය සම්බන්ධයෙන් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් (19) දා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

සත්වෝද්‍යානය තුළ වංචා දූෂණ  නව අධ්‍යක්ෂ ජනරාල්වරිය අනාවරණය කර ගත්තා : දූෂිතයන් කලබල වෙලා!

ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා –

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවක පිරිසෙන් කොටසක් නව අධ්‍යක්ෂ ජෙනරාල්වරියට සහ පශු වෛද්‍යවරුන්ට චෝදනා එල්ල කරමින් උද්ඝෝෂණයක නියැළී සිටිනවා. මේ උද්ඝෝෂණය කිසිම පදනමක් නැති විරෝධතාවක්. ඔවුන් එල්ල කරන චෝදනා දෙකම පදනම් විරහිතයි. ඒ චෝදනා අපි සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා.

මොකද සත්වෝද්‍යානයක් යනු සතුන්ගේ වාසය සඳහා කෘතිමව නිර්මාණය කළ පරිසරයක්. ඒ තුළ සතුන්ගේ ස්වභාවික වාස භූමි සේ ඒවා පවත්වාගෙන යෑමට බැහැ. එම පරිසර තත්ත්වයන් වෙනස් වීම මත සතුන් රෝගී වීම හෝ මියයෑම සිදු විය හැකියි. ඒක ස්වභාවික තත්ත්වයක්. එහෙත් උද්ඝෝෂකයන් පවසන අයුරින් සත්තු වත්ත තුළ සතුන් රෝගී වීම හෝ මියයෑමක් සිදුව නැහැ. ඔවුන් එල්ල කරන චෝදනා පදනම් විරහිතයි.

මේ සතුන්ගේ සෞඛ්‍යය හා පෝෂණය රැකගැනීම වෙනුවෙන් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් ලෙස දිවා රෑ නොබලා අපේ කණ්ඩායම වගකීමෙන් හා උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරනවා. සත්වෝද්‍යානයේ සේවය කරන සුළු පිරිසක් තමයි මේ ව්‍යාජ ප‍්‍රශ්නය මවාපාමින් කඩාකප්පල්කාරීව හැසිරෙන්නේ. ඔවුන් ඉදිරිපත් කරන දත්ත සම්පූර්ණයෙන්ම වැරදියි. පසුගිය මාස දෙකක කාලය තුළ මේ සත්තු වත්තේ මියගිහිල්ලා කියන්නේ සතුන් දෙදෙනායි. ඒක මම වගකීමෙන් කියන්නේ. අනික අපේ සත්තු වත්තේ සතෙක්

මියගියහම අනිවාර්යෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයක් කරලා සතාගේ මරණයට හේතුව අනාවරණය කරගන්නවා. ඇතැම් අවස්ථාවලදී පේරාදෙණියේ විශේෂඥ පශු වෛද්‍යවරුන්ගේ සහය පවා ලබා ගන්නවා.

අනිත් කාරණය තමයි සතුන් මියයෑම සහ ලෙඩ වීම පිළිබඳ උද්ඝෝෂකයන් කතා කරනවා. නමුත් ඔවුන් කතා නොකරන කාරණේ තමයි සතුන් කොපමණ ප‍්‍රමාණයක් සුව වෙනවද කියන එක. 2021 වසරේ සත්වෝද්‍යානයේ මරණ අනුපාතය සියයට එකයි දශම හතයි එකයි. එය ලෝක මට්ටමෙන් බැලූවොත් සියයට පහක්. සත්වයන්ගේ මරණ සියයට 0% දක්වා අඩු කිරීමට අපට හැකියාවක් නෑ. මරණය කියන්නේ ස්වභාවික දෙයක්. නමුත් මරණ අනුපාතය පාලනය කර ගන්න අපිට හැකි වෙලා තියෙනවා. ඒ සඳහා ප‍්‍රමාණවත් වෛද්‍යවරුන් මෙන්ම සේවක මණ්ඩලයක් අපිට ඉන්නවා වගේම බලපෑම්වලින් තොරව අපේ රාජකාරිය කිරීමට අපිට නිදහස ලැබිලා තියෙනවා.

ඒ තත්ත්වය අපිට උදා වුණේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පත් වෙලා ආවට පස්සේ. ඇය සෘජු තීන්දු ගන්න නිලධාරිනියක්. සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා තීන්දු ගන්න කෙනෙක්. එතුමිය පත්වීමෙන් පසුව පශු වෛද්‍යවරුන්ගේ රාජකාරිවලට ලොකු පහසුවක් ලැබුණා. අපේ රාජකාරිවලට තිබූ බාධා රැුසක් ඉවත් කර දුන්නා. ඒ වගේම තමයි අනිත් නිලධාරීන්ගේ හා සේවකයන්ගේ ප‍්‍රශ්න වලටත් එලෙසමයි.

ඇය පත්වීම් ලබලා තාම මාස දෙකයි. මේ කාලය තුළ කෝටි ගණනක ආදායමක් උපයා ගන්නට හැකි වෙලා තිබෙනවා. පත්වීම ලබලා මාස දෙකෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉවත් කරන ලෙස ඉල්ලීම ම හාස්‍යජනකයි. ඒ වගේම තමයි කාලයක් තිස්සේ වංචා දූෂණ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයන්ගේ වංචා දූෂණ මේ වනවිට හෙළිවෙමින් තියෙනවා. ඒ නිසා ඔවුන්ට දැන් රිදෙනවා. ඔවුන් දැන් හදනවා තමන්ගේ වැරදි වහගන්න නව අධ්‍යක්ෂ ජනරාල්තුමිය පන්නා දමන්න. බොරු චෝදනා එල්ල කරන්න, මඩ ප‍්‍රචාර දියත් කරන්න, මේ තත්ත්වය හරි අවාසනාවන්තයි. ඒ නිසා විරෝධතාවයට සම්බන්ධ වෙලා ඉන්න පිරිසගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ඔවුන් දරන මේ වැරදි ආකල්පවලින් මිදිලා සාකච්ඡුා මාර්ගයෙන් යම් ප‍්‍රශ්නයක් ඇත්නම් එය විසඳගෙන අපේ සත්තු ටික ආරක්ෂා කරගෙන සත්වෝද්‍යානය දියුණු කරන්න අප සමඟ අත්වැල් බැඳගන්න කියලා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය –

සුළු සේවකයන් විසින් සිදු කරන අසත්‍ය චෝදනා නොවෙයි සතුන් පිළිබඳ වෘත්තිකයන් ඉදිරිපත් කරන දත්ත මත පිහිටා ක‍්‍රියා කරන ලෙස සියලූ දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා. සතුන් මියයෑමේ තොරතුරු ඉදිරිපත් කරන එම සේවකයන් දෙහිවල සත්වෝද්‍යානය තුළ නව සත්ත්ව උපත් පිළිබඳ කතා නොකිරීම විමතියට කරුණක්. ඉකුත් මාස හය තුළ නව උපත් අනූ තුනක් සිදුවෙලා තියෙනවා. ඒවා සාර්ථක කර

ගැනීම සඳහා අභිජනන වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම සහ විදේශීය රටවලින් සත්තු ගෙන ඒමේ වැඩසටහන් ද ක‍්‍රියාවට නැංවෙනවා.

උද්ඝෝෂණය කරන සේවකයන් සිදුකරන චෝදනාවලට ප‍්‍රධාන හේතුව නව අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නිවැරදි ක‍්‍රියා කලාපය තුළ අක‍්‍රමිකතා සිදු කිරීමට ඇති අවස්ථාවන්

මග හැරී යෑමයි.

ඇය මාස දෙකකට කෝටි ගණනක ආදායමක් උපයා දී තිබෙනවා. කොරෝනා වසංගතයෙන් අනතුරුව අලූත් වැඩපිළිවෙළක් සත්වෝද්‍යානය තුළ ක‍්‍රියාත්මක කිරීම මීට හේතුවයි. ඒවා බලා ඉන්න බැරි සුළු පිරිසක් මේ විදියට කඩාකප්පල් ක‍්‍රියා කරනවා.

මෙහිදී අදහස් දක්වමින් පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සුහද ජයවර්ධන මහතා කියා සිටියෙ සත්වෝද්‍යානයේ සේවකයන් පිරිසක් වැරදි තොරතුරු හුවා දක්වමින් පශු වෛද්‍යවරුන්ගේ ක‍්‍රියා කලාපය විවේචනය කිරීම හේතුවෙන් උද්ගතව ඇති කරුණු වෛද්‍ය විද්‍යාත්මකව පහදා දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවූ බවයි.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment