සත්සර පාරමිතා ඇරඹේ

153

ප‍්‍රවීණ ගායක සහ සංගීතවේදී කීර්ති පැස්කුවල්ගේ සංකල්පයකට අනුව, ඔහුගේ හෙල්ප් සර්කල් සමාජ සත්කාර ආයතනය හා අනුබද්ධිතව, දිවයින පුරා පළාත් නවයම ආවරණය වන පරිදි, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය කලාප අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශයන් මත තෝරාගනු ලබන සංගීතය හදාරන අඩු ආදායම්ලාභී දුවා දරුවන් දහසකට වයලීන දහසක් පිරිනැමීමේ ”සත්සර පාරමිතා” ව්‍යාපෘතිය, ඔහුගේ උපන් දිනයට සමගාමීව , ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී ඇරඹිණ. මෙහිදී බස්නාහිර පළාතේ දරු දැරියන් සිය දෙනෙකුට වයලීන් සියයක් ලබාදීම සංකේතවත් කරමින් දරුවන් තිස්දෙනෙකුට වයලීන ලබාදීම සිදුවිය.

සත්සර පාරමිතා ඇරඹේ

එහිදී වයලීන බෙදාදීමට අමතරව, කීර්ති පැස්කුවල් ගායන ශිල්පියාගේ සංකල්පයකට අනුව 1997 වසරේදී ඇරඹී, සංගීත ක්ෂේත‍්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරන විවිධ ශිල්පීන්ගේ දුරකථන අංකයන් සහිත සොනික් දිනපොතේ 2022-2023 අලූත්ම සංස්කරණය නිකුත් වීමත්, ඔහුගේ නවතම ගීතය වූ ”ආදරියේ කවිකාරියේ” රූප රචනාව සහ අඅඅගනැැරඑයසච්ිුමැකගකන වෙබ් අඩවිය හ`දුන්වා දීමත් සිදුවිය. මෙම අවස්ථාවට හෙල්ප් සර්කල් සමාජ සත්කාර ආයතනයේ අධ්‍යක්ෂිකාවන් වන නීතිඥ නිරංගා නානායක්කාර සහ නෙළුම් ජයවීර මහත්මීන්ද, සංගීත ක්ෂේත‍්‍රය නියෝජනය කරමින්, ආචාර්ය විශාරද නන්දා මාලිනි, ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද සමන්ත පෙරේරා, සරත් ද අල්විස්, අර්නස්ට් සොයිසා, මහින්ද බණ්ඩාර, නවරත්න ගමගේ, නිලාර් එන්. කාසිම් ඇතුළු පිරිසක් ද, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙනිය , ප‍්‍රීති රන්දෙනිය හා නදීශා හේමමාලි ඇතුළු කලාකරුවන්ද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment