සත්‍යාවබෝධය

908

”යතෝ ච ඛෝ මේ භික්‍ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථාහං භික්‍ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ‍්‍රහ්මකේ සස්සමණබ‍්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමා ජාති නත්‍ථිදානි පුනබ්බවෝති. ඉදමවෝච භගවා අත්තමනා පඤ්ච වග්ගියා භික්‍ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.”

දම්සක් පැවතුම් සූත‍්‍රාවසානයෙහි සඳහන් වන ඉහත ධර්ම පාඨයෙන් චතුරාර්ය සත්‍යය ධර්මයෙහි පවත්නා යථාර්ථවාදී ස්වභාවය පිළිබඳ අවබෝධ කරගන්නා තෙක් අරහත් ඵල සමාධිය ප‍්‍රත්‍යක්‍ෂ නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එහි සරල සිංහල අර්ථය වන්නේ,

මහණෙනි, මට මේ චතුරාර්ය සත්‍යයෙහි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන යන තුන් පිරිවටක් (ආකාරයක්* ඇති: එකී එකී සත්‍යය තුන් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර ඇති: මෙම ඥාන සංඛ්‍යාත දර්ශනය තතු සෙයින් දර්ශනය වූයේ ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහන බමුණන් සහිත ප‍්‍රජාව අතරෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළේයැ’යි ප‍්‍රත්‍යක්‍ෂ කර නොගත්තෙමි.

මහණෙනි, යම් කලෙක මට මේ චතුරාර්ය සත්‍යයෙහි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන යන තුන් පිරිවටක් ඇති එකී එකී සත්‍යය තුන් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර ඇති: මෙම ඥාන සංඛ්‍යාත දර්ශනය තතු සෙයින් දර්ශනය වූයේ ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහන බමුණන් සහිත ප‍්‍රජාව අතරෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළේයැ’යි ප‍්‍රත්‍යක්‍ෂ කර ගත්තෙමි. මට ඥන දර්ශනය ද පහළ විය. මාගේ අරහත් ඵල මාපත්තිය ද නො සැළේ. මේ වනාහි අවසාන ඉපදීම යි. දැන් මට පුනර්භවයක් නැතැයි වදාළ සේක.

මෙම චතුරාර්ය සත්‍යය පිිළිබ`ද නොදැනීම, ප‍්‍රත්‍යක්‍ෂ කර නොගැනීම, නිසා ම සත්ත්වයා විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නැවත නැවත ඉපදෙමින් සංසාරයෙහි මුලා වී ගමන් කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

චතුන්නං භික්ඛවේ අරියසච්චානං අනනුබෝධා අප්පටිවේධා එ්වමිදං දිසමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුංම්හාකං ච…..

මහා මංගල සූත‍්‍රයේ දී අරිය සච්චාන දස්සනං… යනුවෙන් ආර්ය සත්‍ය පිළිබ`ද දැක්ම, දැනීම උතුම් මංගල කාරණයක් බව ද පෙන්වා දී තිබේ. එ මෙන්ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෙහි වටිනාකම අවබෝධ කරගෙන කටයුතු කරන්නා සෝවාන් මාර්ගයෙහි ගමන් කරන්නේ වෙයි.

මෙම විශ්වයෙහි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්වය, පසේ බුද්ධත්වය, ලොව්තුරා බුද්ධත්වය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කළ තැනැත්තා එකෙණෙහි ම ළාමක වූ පෘථග්ජන ස්වභාවයන් මිදී තථාගතයන් වහන්සේලා අතුරෙන් සෝවාන් පුද්ගලයෙකු බවට පත් වේ. සෝවාන් ඵලයට පත්වන පුද්ගලයා තමන් ලැබූ චතුරාර්ය සත්‍යය ඥන දර්ශනයේ බලයෙන් මතු කිසි කලෙක අපායෙහි නූපදින්නේය. ආත්මභාව හතකින් මතු ජාති, ජරා, මරණාදී දුක්ඛයෙන් මිදෙන්නේය.

චතුරාර්ය සත්‍යාවබා්ධය ම`ගින් ලබන්නා වූ ඥානය හා සැනසීම තරම් වටිනා දෙයක් මිනිස් ලොව තබා දෙව් ලොව හෝ බඹ ලොවෙහිවත් නැත. එහෙයින් එ් ස`දහා ම සත්ත්වයින් නිරන්තරයෙන් වීර්යය කළ යුතු යැ’යි භාග්‍යවතුන් වහන්සේ බොහෝ සූත‍්‍ර දේශනාවල දී පෙන්වා දුන් සේක.

පථ්‍යව්‍යා ඒක රජ්ජේන – සග්ගස්ස ගමනේ වා
සබ්බ ලෝකාධිපච්චේන – සෝතාපත්ති ඵලං වරං

සක්විති රජකම ලැබීම, ස්වර්ගයට යෑම හෝ සියලූ ලොව අධිපති පදවිය දැරීමටත් වඩා සෝවාන් ඵලය උතුම්ය. එහෙයින් එම සෝවාන් ඵලය ලබාගැනීමට නම් චතුරාර්ය සත්‍යාවබෝධය ලබාගත යුතුය. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි විසූ බොහෝ නුවණැත්තෝ චතුරාර්ය සත්‍යාවබෝධය ලබා දුකින් අත් මිදුණහ. එ් උදෙසා මහා ධනස්කන්ධයන්, පි‍්‍රය අඹු දරුවන් පවා අත් හැර පැවිදි වූහ. එහෙත් වර්තමානයේ සර්වඥ ශාසනයෙහි පරම සත්‍ය වටහාගැනීමට පෙළඹෙන පිරිස ඉතා අල්ප ය.

ආදිත්තං භික්ඛවේ! වේලං වා සීසා වා, අජ්ඤුපෙක්ඛිත්වා, අමනසිකරිත්වා, අනභිසමෙතානං චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසමාය, අධිමත්තෝ ඡුන්දෝ ච, වායාමෝ ච උස්සාහෝ ච, උස්සෝළ්හී ච, අප්පටිවානී ච, සති ච, සම්පජඤ්ඤඤ් ච කරණීයං….

මෙම පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍යය ධර්මයෙහි වටිනාකම පෙන්වා දී ඇත්තේ, ගිනිගත්තා වූ හැ`දිවත ගැන හෝ හිස ගැන කල්පනා කරනවාටත් වඩා අවබෝධ නොකළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උත්සහ කිරීම වටිනා බව දැක්වීමෙනි. බුදුරජාණන් වහන්සේ විශේෂ වශයෙන් ගෙනහැර දක්වා වදාළා වූ මෙම උතුම් චතුරාර්ය සත්‍ය සියලූ ලෝකවාසී සත්ත්වයින්ට පහදා දෙන්නට උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට ද උපදෙස් ලබාදී තිබේ.

මහණෙනි! තෙපි යමෙකුට අනුකම්පා කෙරෙත් ද, යම්කිසි මිත‍්‍රයෝ හෝ අසල්වැසියෝ හෝ නෑයෝ හෝ තෙපගේ වචනය අසත්ද? තෙපි ඔවුන් චතුරාර්ය සත්‍ය තත් වූ පරිද්දෙන් අවබෝධ කරගැනීමෙහි යොදවන්න.

එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමාගේ ප‍්‍රියතමයාට ලබාදිය හැකි උසස්තම පරිත්‍යාගය එය වන බැවිනි. ඉදින් අප ද මෙම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උත්සුක විය යුතු අතරම පි‍්‍රයතමයන් ඇතුළු සියල්ලන්ට ද චතුරාර්ය සත්‍යාවබෝධය පිළිබ`ද වටහාදීම අති උතුම් කි‍්‍රයාවකි.

සත්‍යාවබෝධය



 

advertistmentadvertistment
advertistmentadvertistment