සත් කෝරළයේ අභිනව උප ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන පූජ්‍ය දෙනිකේ ධර්මකීර්ති ශ‍්‍රී  සිරිනිවාසආනන්දාභිධාන නායක හිමිපාණන් වහන්සේ

259

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු ශාසනකාමී කාරක සංඝ සභාවේ අනුමැතියෙන් වර්ෂ 2022 ක් වූ මැදින් මස 26 වැනි දින පෙරවරු 10.10 ට මහනුවර මල්වතු විහාර උපෝසථාගාරයේදී ශ‍්‍රීමත් මහානායක හිමිපාණන් වහන්සේගේ සුරතින්” එදා රජ දවස සිට දඹදෙණි හත්පත්තුව” කටුගම්පොල හත්පත්තුව” දෙමළ හත්පත්තුව” වන්නි හත්පත්තුව” දේවමැදි හත්පත්තුව” හිරියාල හත්පත්තුව සහ වෑඋඩවිල්ලි හත්පත්තුව එක්වූ ‘සත් කෝරළයේ අභිනව උප ප‍්‍රධාන සංඝනායක පදවිය’ සමඟ ‘ධර්මකීර්ති ශ‍්‍රී සිරිනිවාස’ ගෞරව නාමය සහිත සන්නස් පත‍්‍රය කෝන්ගස්වල ශ‍්‍රී නන්දාරාමාධිපති අති ගෞරවනීය පූජ්‍ය පණ්ඩිත දෙනිකේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ වෙත පිරිනැමීම සිදුවන වගයි.

බෝධිසත්ත්ව ගුණෝපේත විචිත‍්‍ර ධර්ම කථික ජනසන්නිවේදනය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී ගෞරව උපාධිය සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී වූ පූජ්‍ය දෙණිකේ ආනන්ද හිමියන්ගේ වතගොතින් බිඳක් මෙසේ සටහන් කරමි.

පෙර රජ දවස සිට ප‍්‍රධාන රාජධානි හතරකට උරුමකම් කියන කුරුණෑගල නගරයේ් සිට දඹුල්ල මාර්ගයේ කිරිවවුල ප‍්‍රදේශයේ කෝන්ගස්වල කරවැද්දන ශ‍්‍රී නන්දාරාම විහාරස්ථානයේ අධිපතිත්වය දරමින් වැඩ සිටින සතර පේරුවේ දායක දායිකාවන්ගේ දහම් පිපාසය සංසිඳුවමින් සුවිසල් මෙහෙවරක යෙදෙන පූජ්‍ය දෙනිකේ ආනන්ද නාහිමියන් දඹදිව වන්දනාවේ යෙදෙන අවස්ථාවේ කුසිනාරා පුර සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ අවස්ථාව නිරූපණය කරන පිළිමවහන්සේ දැකීමෙන් තම සිතේ ඇතිවූ සංවේදීභාවය නිසාම තමන් වහන්සේ වැඩ සිටින විහාරස්ථාන පරිශ‍්‍රයේ සම්බුද්ධ පරිනිර්වාණය පිළිබිඹු වන ශෛලමය බුදුරුවක් නිර්මාණය කිරීම ඓතිහාසික සිදුවීමක් මෙන්ම පෙර රජ දවස ඉදිවූ නිර්මාණයකට සමාන ඉදිකිරීමක් බව මෙහිලා විශේෂයෙන් ස`දහන් කළ යුතුව ඇත. අභිනවයෙන් විහාරස්ථානය තුළ ඉදිවූ ඉදිකිරීම් නිර්මාණ අතර විහාර මන්දිරය” ධර්ම ශාලා මන්දිරය සහ ඇත් පවුර සහිත වාහල්කඩ උන්වහන්සේගේ නිර්මාණ කුසලතාවයන් පිළිබිඹු කරවයි. තමන් වහන්සේ උගත මනා බණ දහම් ආගමික වතාවත් සහ සරසවියෙන් උගත් දැනුම බෞද්ධ ජනතාවට හා අනාගතය භාර ගැනීමට සිටින පාසල් සිසු දරු දැරියනට සදහම් අධ්‍යාපනය ලබාදීමට පිටිවහලක් කර ගනිමින් රජයේ පාසැල් ගුරුවරයකු ලෙස වසර 30ක පමණ කාලයක් කටයුතු කර ඇත. ”චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං’ යනුවෙන් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර ඇත්තේ් දෙව් මිනිස් දෙපිරිසට ම හිත සුව පිණිස චාරිකාවේ යෙදෙමින් ධර්මය දේශනා කරමින් කටයුතු කරන ලෙසටය. එයම යථාර්ථයක් කර ගනිමින් සහජයෙන් හිමිකර ගත් කථිකත්වය සමග දැන උගත් ධර්මය වයඹ පළාතට පමණක් නොව විදේශ සංචාර ස`දහා එක්වී බුදු දහම දේශනා කිරීමට පුරෝගාමීව කටයුතු කර ඇති යතිවරයාණන් වහන්සේ නමකි. සංඝ පීතෘවරයෙකි. පිරිවෙන් අධ්‍යාපනයෙන් ලබාගත් පාලි සංස්කෘත දැනුම මත බුදුදහම පරිශීලනය කළ උන්වහන්සේ සරසවියට පිවිස ලැබූ දැනුම් සම්භාරය ට ගෞරව උපාධියක් හිමිකර ගනිමින්” පිරිවෙන් ආචාර්ය වරයකු බවට
 ප‍්‍රථමයෙන් පත්විය.

සත් කෝරළයේ අභිනව උප ප‍්‍රධාන සංඝනායක පදවියෙන්  පිදුම් ලබන පූජ්‍ය දෙනිකේ ධර්මකීර්ති ශ‍්‍රී  සිරිනිවාසආනන්දාභිධාන නායක  හිමිපාණන් වහන්සේ

අනතුරුව රජයේ ගුරු සේවයට පිවිස රටේ අනාගත පරපුරට නියමිත අධ්‍යාපනය ලබාදෙමින් ආගමික හා සාමාජයීය වශයෙන් මෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළා වූ යුග මෙහෙවර අපමණය. කුරුණෑගල පිහිටි ජනප‍්‍රිය පාසලක් වූ ලක්දාස් ද මැල් විද්‍යාලය” ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය” ඉබ්බාගමුව ජාතික පාසල ආදී පාසල්වල ගුරු සේවයේ යෙදෙමින් කටයුතු කළ උන්වහන්සේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය හොබවමින් සිටියදී තම සේවා කාලය සම්පූර්ණ වීමත් සමග විශ‍්‍රාමගැන්වීය.

ශ‍්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ආරම්භ කළ බෞද්ධ පාසල් අතර ජනප‍්‍රිය පාසලක් වූ කුරුණෑගල මලියදේව විද්‍යාල පරිශ‍්‍රයේ පිහිටි විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උන්වහන්සේ විද්‍යාලයේ ආගමික” ජාතික” ශාසනික කටයුතු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළහ. පාසලේ විහාරස්ථානයේ ම නේවාසිකව වැඩසිටිමින් කළ සුවිශේෂී යුග මෙහෙවරක් ඉටුකළ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ කෙනකු බව විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

1960 සැප්තැම්බර් මස පළමුවැනි බ‍්‍රහස්පතින්දා මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ රිකිල්ලගස්කඩ ගම්මානයේ විසූ වීරසූරිය මුදියන්සේලාගේ

හීන් බන්ඩා වීරසූරිය පියාණන්ටත් අමරසිංහ කංකානම්ලාගේ ගුණවතී අමරසිංහ මෑණියන්ටත් දාව මෙලොව ජන්මලාභය ලද නන්දකුමාර වීරසූරිය නම් වූ පින්වත් දරුවා සොයුරු සොයුරියන් එකොළොස් දෙනකුගෙන් සමන්විත වීරසූරිය පවුලේ සිව්වැනි දරුවා විය.

සත් කෝරළයේ අභිනව උප ප‍්‍රධාන සංඝනායක පදවියෙන්  පිදුම් ලබන පූජ්‍ය දෙනිකේ ධර්මකීර්ති ශ‍්‍රී  සිරිනිවාසආනන්දාභිධාන නායක  හිමිපාණන් වහන්සේ

හතර වරිගයම නිවන් දකින්නට නම් පවුලේ දරුවකු සසුන්ගත කළ යුතු යැයි දෙණිකේ අංගොඩවෙල රජමහා විහාරාධිපති පූජ්‍ය දෙණිකේ සුමනසාර හිමියන් නන්දකුමාර වීරසූරිය දරුවාගේ පියාණන්ට සහ මෑණියන්ට ඉදිරිපත් කළ යෝජනාව ට එකඟ වෙමින් නන්දකුමාර නම් වූ දරුවා දිවිසැරියේ නවවන විය පසුකරමින් සිටියදී සිය දෙමාපියන්ගේ හා පවුලේ ගෞරවය ආරක්ෂා කර දීම වෙනුවෙන් සසුන්ගත වීමට සිය කැමැත්ත පළ කළේය. වර්ෂ 1970 දුරුතු මස 29 වන දින උඩුවත්ත විහාරස්ථානයේදී දෙණිකේ ආනන්ද නාමයෙන් පැවිදි දිවියට එක්විය.

ආනන්ද සාමණේරයන් වහන්සේට පැවිදි දිවියේ යම් යම් කම්කටොලූ දැනෙන්නට ගත්තත් ඒවා සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් උන්වහන්සේ තමන්ට හුරුපුරුදු ප‍්‍රදේශය අතහැර කුරුණෑගල කිරිවවුල කරවැද්දන ශ‍්‍රී නන්දාරාම අධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය දෙනිකේ සිරිනිවාස හිමියන්ට ඥාති සම්බන්ධතාවයක් තිබූ බැවින් උන්වහන්සේගේ සෙවනට පත්විය.

1970 දී මාදන්වල ශ‍්‍රී ධර්මෝදය පිරිවෙනට ඇතුළත් වූ දෙණිකේ ආනන්ද හිමියෝ යතිවරයන් වහන්සේ නමකට අවැසි පාලි” සංස්කෘත” සිංහල” ඉංග‍්‍රීසි බස ද ඉතිහාසය” ගණිතය විෂය ධාරාවන් ද මැනවින් අධ්‍යනය කළ’ 1972 දී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක මහ පිරිවෙනට ඇතුළත් ව මාදන්වල පිරිවෙනින් දැන උගත් දෑ සමග තවදුරටත් උන්වහන්සේට සහජයෙන්ම උරුම වූ චතුර

කථිකත්වය ද වැඩි දියුණු කර ගැනීමට සමත් වූහ. 1972 සිට 1980 දක්වා කාලපරාසය තුළ මලියදේව පිරිවෙනේ අධ්‍යාපනය ලද දැනුම් සම්භාරය සමග විශිෂ්ට විද්‍යාර්ථියකු මෙන්ම චතුර කථිකයකු වූ ආනන්ද සාමණේරයන් වහන්සේ සරසවි පිවිසුම් පෙළ විභාගයෙන් උසස් සාමාර්ථ්‍යයක් හිමි කර ගත්හ. ඒ අනුව උන්වහන්සේ සමකාලීන මිතුරු ස්වාමින් වහන්සේලා අතර විචිත‍්‍ර ධර්ම කථිකයකු ලෙස ප‍්‍රසාදයට පත් විය.

උන්වහන්සේ නිසි කල් එළැඹි කල 1980 පොසොන් මස 23 වැනි දින මහනුවර මල්වතු උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගැනීමට පුණ්‍යවන්ත වූහ. 1981 වසරේ උසස් අධ්‍යාපනය සඳහා කැලණිය සරසවියට ඇතුළත් වූ ආනන්ද හිමියන්ගේ අධ්‍යයන ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් බවට පත් විය. සරසවි අධ්‍යාපනයේ දී ධර්ම ශාස්ත‍්‍රීය කටයුතු ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමටත් ධර්මයට ලැදි ශාසනමාමක” දේශහිතෛෂ”ී ධර්මධර” විනයධර උගත් භික්ෂූන් වහන්සේලා රාශියකගේ ඇසුර ලැබීමටත් උන්වහන්සේට වාසනාව උදාවීම භික්ෂු ජීවිතයේ පැවැත්මට විශාල පිටිවහලක් විය. 1985 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේට 1990 ජුනි මස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව අධ්‍යයනය කිරීමට අවශ්‍ය ලියාපදිංචිය ලබා ගැනීමට හැකි විය.

1986 සිට 87 දක්වා කාලය තුළ කුරුණෑගල හිඳගොල්ල ධර්මාලෝක පිරිවනේ සිංහල හා බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයන් ඉගැන්වීම සඳහා ආචාර්යවරයකු ලෙස පත්වීමට හිමිකම් ලද්දේය. ඉන්පසු 1988 ඔක්තෝබර් මස තුන්වැනි දින මඩහපොල මහින්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු ආරම්භ කිරීමට ලැබීම පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට මහත් ආශීර්වාදයක් විය. උන්වහන්සේගේ ඉගැන්වීම් ප‍්‍රගුණ කිරීමට ඇති හැකියාව මත උසස්පෙළ දරුවන් අතර ජනප‍්‍රියත්වයට පත් දක්ෂ ගුරුවරයකු වීම නිසාම වැඩි පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබීමට ද හැකි විය. දරුවන්ගේ ඉල්ලීම මත 1989 වසරේදී උන්වහන්සේට උපකාරක පන්ති ඇරඹීමට සිදුවිය.

1992 වසරේ දී කුරුණෑගල ලක්දාස් ද මෙල් විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබූ උන්වහන්සේ එහි වසර නමයක පමණ කාලයක් සේවය කළ අතර” ඉන් අනතුරුව කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබ ගත්හ. එම විද්‍යාලයේ වසර හයක පමණ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව වසර 2007 දී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබ එහි ද වසර 10 ක පමණ කාලයක් සුවිශාල මෙහෙවරක යෙදුණේය. මේ ආකාරයෙන් තම ගුරු ජීවිතයේදී කුරුණෑගල ප‍්‍රදේශයේ විද්‍යාල කීපයකම සේවය කරමින් අවසානයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ධර්මාචාර්යවරයා වශයෙනුත් නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙනුත් සේවය කිරීමට උන්වහන්සේට හැකි වුහ. දහස් ගණනක් සිසුන්ට සරසවි වරම් ලබා ගැනීමට පිටිවහලක් වූ උන්වහන්සේ ඊට අමතරව වයඹ පළාතේ පමණක් නොව මුළු දිවයිනේම ජනප‍්‍රිය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ප‍්‍රකට වූහ. උන්වහන්සේගේ සරල සුගම දේශනා ශෛලිය උවැසි උවැසියන් අතර ප‍්‍රශංසාවට ලක් වූ බව නොරහසකි.

ඒ නිසාම උන්වහන්සේට දිවයිනේ ප‍්‍රධානතම විද්‍යුත් නාලිකාවල ධර්මදේශනාවන් පැවැත්වීමට ආරාධනා ලැබිණ. ඒ අනුව ජාතික ගුවන් විදුලියේ රජරට සේවය” ඉසිර ගුවන් විදුලිය” රංගිරි දඹුලූ ගුවන් විදුලිය” ජාතික ගුවන් විදුලිය” මෙන්ම රන්ගිරි රූපවාහිනිය” ටී.එන්.එල්. රූපවාහිනිය බෞද්ධයා මාධ්‍ය ජාලය සහ ජාතික රූපවාහිනිය වැනි මාධ්‍යයන් හරහා උන්වහන්සේගේ ධර්ම දේශනා ප‍්‍රචාරය වන්නට විය. සිංහල භාෂාව සහ සිංහල සාහිත්‍යය පිළිබඳ හසළ දැනුමක් ඇති උන්වහන්සේ ගීත සාහිත්‍යය ප‍්‍රිය කරන අතර පාසල් දරු දැරියන්” තරුණ තරුණියන් වෙනුවෙන් ගී රසවින්දන වැඩසටහන් ද ලංකාවේ බොහෝ ප‍්‍රදේශ වල පැවැත්වූහ. ඉන්දියාව” තායිලන්තය” ජපානය” වියට්නාමය” සිංගප්පූරුව” මැදපෙරදිග” ඇමරිකාව ඇතුළු විෙදිශ රටවල් රැසක බෞද්ධ” අබෞද්ධ ජනතාව වෙනුවෙන් ධර්ම ප‍්‍රචාරයේ ද යෙදෙන්නට උන්වහන්සේට හැකි විය.

එමෙන් ම උන්වහන්සේගේ ලේඛන හැකියාවන් මුදුන්පත් කරමින් බුදුසරණ” දිවයින” සිළුමිණ වැනි ජාතික පුවත්පත්වල ධර්ම ශාස්ත‍්‍රීය ලිපි රචනා කිරීම සහ පi” ගීත වැනි සාහිත්‍ය නිර්මාණ රැසක් මුද්‍රණද්වාරයෙන් පළ කිරීමට ද උන්වහන්සේට හැකි වූහ. මිත‍්‍රශීලී පරාර්ථකාමී ගති පැවතුම් උපතින්ම හිමි කරගත් දෙණිකේ ආනන්ද ස්වාමීන් වහන්සේට විශ්වවිද්‍යාල ජීවිතයේ දී හමුවූ හිතමිතුරන් අතර දෙස් විදෙස් සුපතළ යතිවරයාණන් වහන්සේ නමක් වන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් එදා සිට අද දක්වා ම උන්වහන්සේගේ කල්‍යාණ මිත‍්‍රයෙකි. තවද පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමිපාණන් වහන්සේ ද ඊට අමතරව සරසවි ගිහි මිතුරන් අතර සිරිලක සුපතළ වියත් සිංහල භාෂාව පිළිබඳ හසළ දැනුමැති මහාචාර්ය දර්ශන රත්නායක මහතාද” හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග මහතා ද උන්වහන්සේ සමග දුකේදීත් සැපේදීත් ළඟින් සිටින කලණ මිතුරන් විය.

කීර්තිමත් යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය දෙනිකේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප‍්‍රදේශයේ සිංහල බෞද්ධ අය පමණක් නොව අන්‍ය ආගමිකයන් අතර ද ඉතාම ජනප‍්‍රිය මිත‍්‍රශීලී ස්වාමීන් වහන්සේ නමක් වීම විශේෂත්වයකි. ජාති ආගම් කුල මෙන්ම පාට පක්ෂ දේශපාලන භේදයකින් තොර වූ උන්වහන්සේ අවශ්‍ය අවස්ථාවන්හිදී සියලූ භේද නොතකා ජාතික” ආගමික” ශාසනික සේවාවන් සඳහා ඇපකැපවී සේවය කළ දෑහිතකාමී භික්ෂූන් වහන්සේ නමක් යැයි හඳුන්වාදිය යැකිය.

අතිපූජ්‍ය දෙනිකේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ගෞරවය පුද කිරීමේ පුණ්‍ය මහොත්සවය 27 වැනි ඉරු දින පස්වරුවේ කුරුණෑගල කරවැද්දන කෝන්ගස්වල ශ‍්‍රී නන්දාරාම විහාරස්ථාන පරිශ‍්‍රයේදී ත‍්‍රයිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවැත්වේ.

මහාචාර්ය අතිපූජ්‍ය ඉ`දුරාගාරේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ විසින් විශේෂ දේශනය පැවැත්වෙන අතර” ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු ගිහි පින්වතුන්” දායක සභාව සහ දේශපාලන අධිකාරියේ ද සහභාගිත්වයෙන් මෙම උත්සවයේ ආගමික වතාවත් සිදු කෙරේ. මෙම උත්සව අවස්ථාවේදී උන්වහන්සේගේ

ශිෂ්‍ය භික්ෂු” පූජ්‍ය මැටිබැඹියේ සීලානන්ද ස්වාමින්වහන්සේ විසින් විවිධ ජනමාධ්‍ය ඔස්සේ දේශනා කළ ධර්ම දේශනා ඇතුළත් ”සද්ධම්මාඤ්ජලී’’ ධර්ම සංග‍්‍රහය අභිනව නායක ධුරයට පත්වූ ශාස්ත‍්‍රපති ගෞරව දෙනිකේ ආනන්දාභිධාන හිමියන් වෙත පිළිගැන්වීමට නියමිතය.

ජායාරූප සහ සටහන –
ආර් .එම්. ඩබ්ලිව්. බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment