සත් සාමාජික රග්බි කාන්තා සහ පිරිමි සංචිත නම්කරයි

156

එළැඹෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කාන්තා සංචිතය සහ පිරිමි සංචිතය නම්කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි සංචිතයේ නායකත්වය මහනුවර කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාරට හිමිව ඇති අරත කාන්තා කණ්ඩායමටද ක්‍රීඩිකාවන් 20 දෙනකු ඇතුළත් වේ.

පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම තේරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ තේරීම් තරගාවලියක් පසුගියදා පැවැත්විණි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව අදාළ සංචිතය තේරීම සිදුකෙරිණි.

සංචිතය සඳහා නම්කළ ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 08 දෙනකුම මහනුවර කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් වීම කැපී පෙණුනි. ඒ අනුව නයිජල් රත්වත්තේ, තරින්ද රත්වත්තේ සහ ධනූෂ දයාන් ද ඊට ඇතුළත් වී සිටී.

කෙසේ වෙතත් දැනට නම්කර ඇති මෙම 20 දෙනාගේ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ අනුමැතිය හිමිවීමට නියමිත තිබේ.

නම්කර ඇති සංචිතය – ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, බුද්ධිම ප්‍රියරත්න, ධනුෂ දයාන්, නයිජල් රත්වත්ත, තරින්ද රත්වත්ත, දිලුෂ්ක දන්ගේ, හේෂාන් ජැන්සන්, මිතුන් හපුගොඩ, ලසිඳු කරුණාතිලක, රමේෂ් ප්‍රනාන්දු, අවිශ්ක ලී, සුදම් සූරියබණ්ඩාර, රීසා රෆයිඩීන්, අදීෂ වීරතුංග, චතුර සෙනෙවිරත්න, රවිඳු හෙට්ටිආරච්චි, ඔවින් හෙට්ටිආරච්චි, ඉරෝෂාන් සිල්වා, සුදාරක දික්කුඹුර.

ජාතික කාන්තා සත් සාමාජික පුහුණු සංචිතය

1. කාංචනා කුමාරි, 2. ජයන්ති කුමාරි, 3. සදීකා හේම කුමාරි, 4.දිලිනි කාංචනා 5. ශානිකා මදුමාලි, 6. චරණී ලියනගේ, 7. අනුෂා අත්තනායක, 8. දුලානි පල්ලේකොන්දගේ, 9. අයේෂා පෙරේරා, 10. ජීවන්තී කුමාරී, 11. උමයංගනා තත්සරණී, 12. නිපුනි රසාංජලී, 13. ඩිලානී පොල්හේවගේ, 14. අනුෂිකා සමරවික්‍රම, 15. හෂිනි අනුත්තරා, 16. චමෝද්‍යා මදුමාලී, 17. ශානිකා දිලිනි, 18. නිරංජලා වික්‍රමසිංහ, 19. හේකශානි ක්‍රිෂ්ණකුමාරි, 20. රන්දිකා කුමුදුමාලී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment