සත් සාමාජික රග්බි ‘වොරියර් කුසලාන’ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායමට

167

ඊයේ (31) කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේ දී නිමාව දුටු ආරාධිත සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද රුපියල් 250.000/= ක් සමගින් ‘වොරියර් කුසලානය’‍ ට හිමිකම් කියන්නට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘ඒ’‍ කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මුදලින් රුපියල් 150.000/= ක් සමගින් එකී අනුශූරතාව ශ‍්‍රී ලංකා පොලිස් ‘ඒ’ කණ්ඩායමට හිමි විය.

කුසලාන ශූරතාව වෙනුවෙන් පැවති තීරණාත්මක අවසන් තරගයේදී ලකුණු 24 – 00 ක් ලෙස ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට ගුවන් හමුදා ‘ඒ’‍ පිල සමත් වීම කැපී පෙනුණි.

ඩයලොග් ආසියාටා සමාගමේ සංවිධාන ශක්තිය ඇතිව ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මැනවින් සංවිධානය කර තිබුණු මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් ඊයේ (31) සහ පෙරේදා (30) තරග වැදුණි.

මෙම තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ගුවන් හමුදා ‘ඒ’‍ කණ්ඩායම නියෝජනය කළ නුවන් පෙරේරා සම්මාන ලැබීය.

ජයග‍්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප‍්‍රදානය ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සත් සාමාජික රග්බි ‘වොරියර් කුසලාන’ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 'ඒ' කණ්ඩායමට

මෙම තරගාවලියේ ‘‍පළඟ’‍ ශූරතාව අගනුවර සී.එච් ඇන්ඞ් එෆ්. සී. සමාජයට ද ‘‍බඳුන’‍ ශූරතාව ශ‍්‍රී ලංකා යුද හමුදා (ඒ) කණ්ඩායමට ද ‘‍පළිහ’‍ ශූරතාව කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට ද හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment