සතියක් තුළ දෙවරක් විදුලිය බිඳ වැටීමේ පරීක්‍ෂණ ඉබි ගමනේ

115

* ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයෙන් චෝදනා

සතියක් තුළ දෙවරක්ම රටපුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ ඉබි ගමනක යැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටී.

පළමු විදුලි බිඳවැටීමේ සිද්ධියත් සමඟ ලංවිම සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පොලිසියට පැමිණිල්ලක් කළ අතර ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද පරීක්‍ෂණයක් ආරම්භ කළේ එම විදුලි බිඳවැටීම කඩාකප්පල් කි‍්‍රයාවක් බවට ඇතිවී තිබූ සැකය නිසාය. එම පරීක්‍ෂණ වාර්තාද තාම ලැබී නැතැයි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පවසති. මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයද එම විදුලිය බිඳවැටීමේ සිද්ධි දෙක සම්බන්ධව වෙනම තාක්‍ෂණික පරීක්‍ෂණ දෙකක් ආරම්භ කර ඇත. ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමද විශේෂ කමිටුවක් පත්කර වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කළත් ඒ පරීක්‍ෂණ වාර්තා කිසිවක් මෙතෙක් නිමකර නොතිබීම බරපතළ ප‍්‍රශ්නයකැයි ඔවුහු කියා සිටිති. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ඉංජිනේරුවන් අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරතවී සිටියදී මෙසේ සතියක් තුළ රටපුරාම දෙවරක්ම විදුලිය බිඳවැටීම කඩාකප්පල් කි‍්‍රයාවක් යැයි පාලනාධිකාරිය සැක පහළ කළේ හේතු ඇතුව බවද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ තවදුරටත් පැවසූහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment