සතියට කොවිඞ්  ආසාදිතයෝ 5947 ක්

90

ඉකුත් 19 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා සතියක කාලයක් තුළ මෙරටින් කොවිඞ් ආසාදිතයන් 5947 දෙනකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

එම දින හත තුළ දෛනිකව හමුවන ආසාදිතයන් ගණන අටසියය ඉක්මවා තිබුණි.

ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස ඉහළ යෑම පාලනය කිරීමට හැකි වන්නේ කොවිඞ් එන්නත ලබා ගැනීමෙන් පමණක් බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment