සතියට දවස් 3යි  පාසල් අද සිට යළි ඇරේ – බදාදා – සිකුරාදා ඔන්ලයින්

118

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත අද (25 දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමට ද, බදාදා සහ සිකුරාදා දෙදින සිසුන්ට නිවෙස්වල සිට මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මෙම උපදෙස් ලබා දී ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment