සති අන්ත දීර්ඝ නිවාඩුවට ශී‍්‍රපාද වන්දනාවට බැතිමතුන් වැඩිවෙලා: කිලෝමිටර් 4 පමණ දුරට වාහන පෝලිම්

217

සති අන්ත දිර්ඝ නිවාඩුවට ශී‍්‍ර පාදස්ථානය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණියහ.

ශී‍්‍ර පාදස්ථානය කාරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එලෙස වන්දනාකරුවන් පැමිණි රථ වාහන නල්ලතන්නිය මස්කෙලිය ප‍්‍රධාන මාර්ගය දෙපස කිලෝමිටර් 4 පමණ දුරට ගාල් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය කියා සිටී.

ශී‍්‍ර පාදස්ථානය කරුණා කිරීමට උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි අතර, එසේ පැමිණි වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා යාමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment