සති දෙකක් පැන්නොත්  බිත්තර නරක් වෙනවා – පාරිභෝගික අධිකාරිය

150

සති දෙකකට වඩා බිත්තර කල්තබා ගැනීමට නොහැකි නිසා අනිවාර්යයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නිෂ්පාදකයන්ට සිදුවන බව පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

බිත්තර මිල වැඩි කරන ලෙස මාධ්‍ය හමු පවත්වමින් අදහස් දක්වන්නේ සත්‍ය ලෙසම කිකිළියන් ඇති කරන පිරිස නොව බිත්තර එකතු කර ගබඩා කර අලෙවි කරන අතරමැදියන් බව ද එම නිලධාරියා කීවේය.

සුපිරි වෙළෙඳසල්වලට බිත්තර යොමු කිරීමේදී දින 14 කින් කල්ඉකුත් වන බවට ලේබල් කරන බවත් එය අනෙකුත් අලෙවිසල්වලටත් පොදු බවත් ඔහු පැවසීය. දින 14 කට පසු බිත්තර නරක් වීමට වැඩි ප්‍රවණතාවක් පවතින නිසා, අතරමැදියන් බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකර සිටීමෙන් කිකිළියන් ඇති කරන ස්ථානවල බිත්තර එකතු වන බවත් රජයේ පාලන මිලට බිත්තර ලබාදෙන ලෙස එම පිරිසගෙන් ඉල්ලා සිටින බවත් එම නිලධාරියා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment