සති දෙකක් රාජ්‍ය සේවකයින් කැඳවීම සීමා කරයි

412


පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය අඩාලවීම මත ලබන සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර ඇත.ඊට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද නිකුත් කරනු ලැබීම.එම චක්‍රලේඛය අනුව අමාත්‍යංශ,දෙපාර්තුමේන්තු,ආයතන සේවකයිනට තමාට පදිංචි ස්ථානයට අදාල අමාත්‍යංශ,දෙපාර්තුමේන්තු,ආයතන කාර්යාලයට අනුයුක්තව සේවය කිරීමට අවස්ථාව ලබාදීමට ලේකම්වරුනට සහ ආයතන ප්‍රධානීන්ට හැකියාව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment