සති 2ක් ඇතුළත් සිපෙට්කෝ තෙල් මිලත් නගී – ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට

193

පෙට‍්‍රල් සහ ඞීසල් මිල ඉදිරි දෙසතිය තුළදී නැවත වතාවක් ඉහළ යෑමට නියමිතය.

 මිල වැඩි කිරීම සඳහා වන ඉල්ලීම මේ වන විටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ පිළිබඳ අනුමැතිය ලැබුණු වහාම මිල ඉහළ යෑම සිදුවනු ඇත.

 පසුගිය සතියේදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට‍්‍රල් මිල ඉහළ දමන ලදී. ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 7 කින්ද, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද, ඞීසල් ලීටරයක් රුපියල් 3 කින්ද මිල ඉහළ දමන ලදී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 184 ක්ද, ඔක්ටේන් 95 රුපියල් 213 ක්ද, ඞීසල් ලීටරයක් රුපියල් 124 ක්ද බවට පත්විය.

 ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ගවලට අනුව පසුගිය මාසයේදී එම අමාත්‍යාංශයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 6.8 කි.

advertistmentadvertistment
advertistmentadvertistment