සති 3 කට රට අගලූ දමන්න; විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි

245

වැඩි වෙමින් පවතින දෛනික කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අවම කරගෙන ආසාදිතයන්ගෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යාම වළක්වාගැනීම සඳහා නිශ්චිත කාල සීමාවකට රට පූර්ණ අගුලූ දැමීමකට (ලොක් ඩවුන්) ලක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති හා සංවිධාන රැුසක් පසුගිය දින කිහිපය තුළදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

 විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, හෙද සංගම් ඇතුළු වෘත්තීය සමිති හා සංවිධාන රැුසක් කොරෝනා වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා සති 3-4 ක් රට සම්පූර්ණයෙන් අගුලූ දමා නිරෝධායන නීති දැඩිව ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment