සතීශාන්ගේ මැණිකේ මගේ හිතේ 2 ‘ඔමරි’ කරළියට

185

යොහානි ගායනා කළ සතීශාන් රත්නායකගෙ මැණිකේ මගේ හිතේ ගීතය පසුගිය කාලයේ ලෝකය පුරා සංගීත ක්‍ෂේත්‍රයේ ලොකු පෙරළියක් කළ බව ඔබට මතක ඇති. ඔහු මීවිතට කිව්වෙ ‘ඔමරි’ නමින් එළිදක්වා තිබෙන එහි දෙවැනි ගීතයට අද වන විට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි.

● සතීශාන්, මැණිකේ මගේ හිතේ 2 ‘ඔමරි’ ඔබේ අනෙකුත් ගීත වලට සමානයි?

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලංකාවේ මියුසික් ටේ‍රන්ඩ් එක ටිකක් වෙනස් වුණා. ඒ වෙනසත් එක්ක ඉන් පස්සෙ තවත් ගීත කරළියට ආව. ඒ වෙනසට හේතු වුණ ගීතයත් එක්ක මට සහ චමත් සංගීත් අයියටත් හිතුන දෙවැනි ගීතයත් ඒ හා සමානවම කරන්න.

සතීශාන්ගේ මැණිකේ මගේ හිතේ 2 ‘ඔමරි’ කරළියට

● ‘ඔමරි’ රූප රචනාවට නාඩගම්කාරයෝ පසුතලයම භාවිතා කළේ?

අපි මේ ගීතයෙන් කියන්න උත්සාහ කළේ ගමක ඉන්න කෙනෙක් ගැන පොඩි කතාවක්. ඒකට හොඳම තැන විදිහට අපි දැක්කෙ නාඩගම්කාරයෝ ලොකේෂන් එක. ඇත්තටම මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියට සහ පොඩ්ඩිට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඒ දෙන්න තමයි අපිට ලොකු සහයෝගයක් ලබාදුන්නෙ.

● මේ ලොකේෂන් එක හරහා ‘ඔමරි’ හිට්කරගන්නද හිතුවෙ?

ඇත්තටම එහෙම දෙයක් නැහැ. අපි තව ලොකේෂන්ස් බැලුව. නමුත් අපි හොයන විදිහේ ලක්‍ෂණ තිබුණෙ නාඩගම්කාරයෝ ලොකේෂන් එකේ. කොළඹ අවටින් අපිට වෙන තැනක් හොයාගන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ.

● මේ ගීතයත් යොහානි සමග රී මේක් කරනවද?

ඒක කොහොම වෙයිද කියන්න දන්නෙ නැහැ. නමුත් කරන්න ඕන වුණොත් අනිවාර්යයෙන්ම කරනව. යොහානි මේ ගීතය බලල කමෙන්ට් කරල තිබුණ වගේම ෂෙයාර් කරල තිබුණ. ඇත්තටම එයා මේ වෙලාවෙ වෙන රටක ඉඳල අපේ ගීතය ෂෙයාර් කරල සපෝට් එකක් දුන්න එක ගැන ගොඩක් සතුටුයි. එදා ඇයට මැණිකේ සිංදුව දුන්න එක ගැන හිතේ කොනකවත් කහටක් නැහැ. මොකද ඒකෙ ප්‍රතිඵල අද මට ලැබිල තියෙනව.

● ඔබ සහ යොහානි අතර අමනාපයක් ඇති බවට කතාවක් පැතිරුණා?

ඇත්තටම කිව්වොත් ඒකට හොඳම උදාහරණය තමයි මගේ අලුත් ගීතය ෂෙයාර් කරපු එක. පුළුවන් හැටියට අපිට සපෝට් කරපු එක. අපි කණ්ඩායමක් හැටියට තමයි වැඩ කළේ. ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. මම ඇයට ස්තූතිවන්ත වෙනව ඒ අවස්ථාවෙ මගෙත් එක්ක කවර් එකක් කරන්න කැමති වුණ එකට. මොකද ඒ වෙනකොටත් ඇය හිට් ආටිස්ට් කෙනෙක්.

● ‘මැණිකේ මගේ හිතේ 2’ කියල මේ ගීතය නම් කරන්න හිතුවෙ ඇයි?

මුලින් අපි කරපු ගීතය නිසා ජනමතය යම්තාක් දුරට වෙනස් වුණා කියල අපි හිතනව. ඒ නිසා තමයි මෙ ගීතය මේ විදිහට නම් කළේ සහ මගේ නොහිතපු විදිහට ජනප්‍රිය වුණ මුල්ම ගීතය වෙන්නෙත් මැණිකේ මගේ හිතේ. ඒ ගීතයෙන් පස්සෙ එන දෙවැනී ගීතය මේක නිසාත් ඒ විදිහට නම් කරන්න හේතුවක් වුණා.

සතීශාන්ගේ මැණිකේ මගේ හිතේ 2 ‘ඔමරි’ කරළියට


● මුල් ගීතය තරම් ජනප්‍රිය වෙයිද?

මුල් ගීතය අපි කණ්ඩායමක් හැටියට මහන්සි වෙලා කළා. ඒ ප්‍රතිපලය අපිට ලැබුණ. ඒ වගේම මේ ගීතයත් අපි මහන්සි වෙලා කළා. ඉතිං අපි හිතනව ප්‍රේක්‍ෂකයො ආදරෙන් භාරගනීවි කියල. මේ ගීතය යන්න ඕන කොතැනටද කියන දේ ගැන හිතනවට වැඩිය අපි හිතන්නෙ හැමෝටම බලන්න පුළුවන්, හැමෝටම අහන්න පුළුවන් හොඳ ගීතයක් වෙන්න ඕන කියන දේ විතරයි.

● ප්‍රසංගවලට ලැබෙන ආරාධනා?

පසුගිය කාලයේ වැඩිවෙමින් තිබුණ ආරාධනා ප්‍රමාණය රටේ තත්ත්වයත් එක්ක මේ වෙනකොට අඩුවෙමින් යන ආකාරයක් තමයි තියෙන්නෙ. ලංකාවෙන් පිට ප්‍රසංග කිහිපයක් ගැන මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනව. අපේ රට යම් ස්ථාවර තැනකට ආවොත් මේ ගීතයත් එක්ක නැවතත් කාර්යබහුල වෙන්න සිද්ධවෙයි කියල මම හිතනව.

● අලුත් ගීතයකට සූදානම?

මම දැනටමත් ෂෙරුණි ද සිල්වා එක්ක අලුත් ගීතයක් කරල තියෙනව. ඒක හෙට අනිද්දට රිලීස් වෙයි. ඒ වගේම ටිකක් වෙනස් ආරෙක ගීතයකුත්, ඒ කියන්නෙ මං වගේ කෙනෙකුගෙන් බලාපොරොත්තු නොවන ආකාරයේ ගීතයක් ඉතාම ළඟදි එළිදක්වන්න සූදානමක් තියෙනව.

● ‘ඔමරි’ ට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම කිව්වොත් ‘ඔමරි’ ගීතය රිලීස් කරන්න හිටියෙ සවස පහට. නමුත් අපිට ඒක කරන්න පුළුවන් වුණේ රෑ නවයයි තිහට. ඒ ප්‍රමාදවීම සිදු වුණේ කරන්ට් එක කපපු නිසා. මේ කොහොම වුණත් මේ වන විට අපේ ගීතය ටේ‍රන්ඩින් නම්බර් 12 තියෙනව. සවස පහට රිලීස් කරන්න පුළුවන් වුණා නම් මීට වඩා ප්‍රතිචාර ලැබෙන්න ඉඩ තිබුණ. ඇත්තටම මේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ප්‍රතිචාරයක්.

● රැකියාවේ තොරතුරු?

මම රැකියාව කරන්නෙ ලංකා විදුලිබල මණ්ඩලයේ. ඒ අතරතුර තමයි සංගීත වැඩකටයුතු කරගෙන යන්නෙ.

● ‘මැණිකේ මගේ හිතේ’ වෙනුවෙන් ඔබට ණය වෙන්න සිදු වුණා?

මම අට පහ වැඩට යන සාමාන්‍ය රජයේ සේවකයෙක්. ඒ ණය මගේ වැටුපෙන් අඩුකරනව. මොනව වුණත් මමත් අනෙක් අය වගේම මනුස්සයෙක්. තාම පොළොවෙ පය ගහල ඉන්නෙ.

● යොහානි ඔබට වඩා ඉදිරියට ගියා?

ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මොකද ඉස්සරහට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. යොහානි ලංකාවෙන් එළියට ගියා වගේම ලෝකය ලංකාව ගැන හොයන්න පටන්ගත්ත. ඒකෙන් අපේ බලාපොරොත්තු වලට එළියක් වැටුණ. අපිටත් පුළුවන් වුණොත් ලංකාවෙන් එළියට ගෙනියන වැඩක් කරන්න විශ්වාසයක් තියන්න පුළුවන් ඒක ලෝකයට යනව කියල. මොකද අපේ කෙනෙක් ලංකාවෙන් එළියෙ ඉන්නව.

● ‘ඔමරි’ ට සහාය වුණේ?

මෙතනදි චමත් සංගීත් අයියට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මේ ගීතයට මියුසික් කළේත් ඔහුමයි. ලිරික්ස් කළේ දුලාන් අයියා. රැප් කළේ කයිසර් කයිස් අයිය. වීඩියෝ එක කළේ පුෂ්පික නිර්මාල්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment