සතුට සෞභාග්‍යය උදාකරගන්න ශ‍්‍රී ලක්ෂ්මිය නමදින්න

683

ශ‍්‍රී ලක්‍ෂ්මී – මහා ලක්‍ෂ්මී – ධන ලක්‍ෂ්මී – රූප ලක්‍ෂ්මී – තෘත්‍ය ලක්‍ෂ්මී – ප‍්‍රතාප ලක්‍ෂ්මී,
සූර්ය ලක්‍ෂ්මී, වීර්ය ලක්‍ෂ්මී – සුන්දර ලක්‍ෂ්මී – සර්ව රෝග නිවාරණ ලක්‍ෂ්මී ආදී වශයෙන්
දස විධ මූර්තීන්ගෙන් ලොව පහළ වන ශ‍්‍රී ලක්‍ෂ්මී දෙවඟනගේ ආසනය
නිල්වන් ජල තලයේ පිපුන රත් පියුමක් වේ.

උද්‍යොගිත: පුරුෂ සිංහ
මුපෛති ලක්‍ෂ්මිං
උත්සාහ සම්පත්ත මදිර්ඝ පුත‍්‍රඃ
ක‍්‍රියා විධිඥං ව්‍යාසතේෂ්ව ශත්තං
ශූරං කෘතංඥං දාඨ සෞහාදංච
ලක්‍ෂ්මිං ස්වයං යාති නිවාස හෝ තොඃ

උත්සාහවන්ත වූද, අද කළ යුතු දේ හෙටට කල් නොදමන්නා වූද, මනා පැවැත්මෙන් සහ සංවිධානයෙන් තම කටයුතු සිදුකරන්නා වූද, යහපත් සිතුවිල්ලෙන් තම දියුණුව පිණිසම කටයුතු කරන යම් අයෙක් වේද, ඔහු හෝ ඇය සොයා ශ‍්‍රී ලක්‍ෂ්මී දේවිය සිය කැමැත්තෙන් ම පැමිණෙතැයි යන්න ඉහත පාඨයේ සරල තේරුමය.

සර්ව ශුභවාදී දෙවඟනක් ලෙස සැලකෙන ශ‍්‍රී ලක්‍ෂ්මිය සාමය, සමෘද්ධිය, සශ‍්‍රීකත්වය, රූපශ‍්‍රිය, ධනය, අලංකාරය, පේ‍්‍රමය වැනි ශුභවාදී ගුණාංගයනට ප‍්‍රිය වූද, එවන් සම්පත් සකල ලෝකවාසී සත්ත්වයාට දානය කරන්නා වූ ද, එවන් සම්පත් පවතින තැන්හි ඒවා ආරක්‍ෂා කරමින් නිබඳව වැජෙඹන්නා වූද, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සාධු ගුණාංගයන්ගෙන් සමොපලක්‍ෂිත වූද, සකල ලෝක සත්ත්වයා වෙත සියලූ යස ඉසුරු ලැබදෙනු රිසි වූ ද, සුවිශේෂී දේවාත්මයකි.

ශ‍්‍රී ලක්‍ෂ්මී – මහා ලක්‍ෂ්මී – ධන ලක්‍ෂ්මී – රූප ලක්‍ෂ්මී – තෘත්‍ය ලක්‍ෂ්මී – ප‍්‍රතාප ලක්‍ෂ්මී, සූර්ය ලක්‍ෂ්මී, වීර්ය ලක්‍ෂ්මී – සුන්දර ලක්‍ෂ්මී – සර්ව රෝග නිවාරණ ලක්‍ෂ්මී ආදී වශයෙන් දස විධ මූර්තීන්ගෙන් ලොව පහළ වන ශ‍්‍රී ලක්‍ෂ්මී දෙවඟනගේ ආසනය නිල්වන් ජල තලයේ පිපුන රත් පියුමක් වේ.

මුදාහල කෙස් කළඹ නීල වර්ණයෙන් ශෝභිතය. පච්ච වර්ණ හැට්ටයකින් සහ රක්ත වර්ණ සාරියකින් සැරසී රක්ත වර්ණ සහ නීල වර්ණ මාණික්‍යයන්ගෙන් සුසැදුනු ඔටුන්නක් පැළඳ මාලා දාම, වළලූ, සිලම්බු ශී‍්‍රවාභරණ, මිණි මෙවුල් ආදී ආභරණයන්ගෙන් විභූෂිත ඕ සියලූ දිව්‍යාංගනාවන් අතරින් රූපශ‍්‍රීයෙන් අගතැන්පත් දේවතාවිය වන්නීය.

චතුර් භානු හෙවත් අත් සතරක් ඇත්තා වූ ලක්‍ෂ්මී දෙවඟන උඩට ඔසවා ඇති දෑත් දෙකෙන් නෙළුම් මල් දෙකක් දරා සිටියි. අනෙක් දෑතින් එක් අතක් අභය මුද්‍රාවෙන් ඔසවාගෙන හිඳින අයුරු දැකිය හැකි අතර අනිත් අතින් රන්කාසි විසිරෙන අයුරු දැකිය හැකි වේ.

එලෙස රූපශ‍්‍රීයෙන් අගතැන්පත්ව විශ්මිත බලයකින් ජනී ජනයාට ආශිර්වාද කරන්නා වූ ශ‍්‍රීයා කාන්තාවගේ මාහැඟි පිහිට ආරක්‍ෂාව අපට ද ලබාගත හැකි අතර ඒ සඳහා යොමුවන ඔබ මූලික වශයෙන් පස්පවින් වැළකී ගතින් මෙන්ම සිතින් ද පිරිසිදු වී තමන් ජීවත්වන නිවස මෙන්ම වටපිටාව ද පිරිසිදු කර නිවසේ බුදු කුටිය අසල බුදු පිළිම වහන්සේට මදක් පහළින් ශ‍්‍රී ලක්‍ෂ්මියගේ පිළිමයක් හෝ පින්තූරයක් තබා උදේ සවස සිදුකරන ආගමික වතාවත්වලින් අනතුරුව කෙම්මුර දිනයක් ලෙස සැලකෙන බදාදා සෙනසුරාදා දිනයන් හි ශ‍්‍රී ලක්‍ෂ්මිය උදෙසා සඳුන්තෙල් පහනක්, රෝසමල්, සුවඳ දුම් සමඟ බෙලි පත‍්‍ර අමුණා සකස්කර ගත් මාලයක් පළඳවා වන්දනාමාන කර ශ‍්‍රී ලක්‍ෂ්මී නමස්කාරය 21 වතාවක් ගායනා කර පිං අනුමෝදන් කිරීමෙන් පිනට පිහිටවන එතුමිය ඔබ වෙත ආකර්ෂණය වී සැපත, සතුට, ධනය, වාසනාව, නිරෝග ීබව ඇතුළු සර්ව සෞභාග්‍යය උදාකර දී සියලූ අයහපතින් ආරක්‍ෂා කරනු ඇත.

ශ‍්‍රී ලක්‍ෂ්මී නමස්කාරය

නමස්තෙස්තු මහාමායෙ
ශ‍්‍රී පීඨෙ සුර පූජිතෙ
ශංඛ වක‍්‍ර ගධා හස්තෙ
ශ‍්‍රී ලක්‍ෂ්මී නමෝස්තුතේ

නමස්තෙ ගරුඬාරූඩෙ
තොලා සූර භයංකරී
සර්ව පාප හරේ දේවි
ශ‍්‍රී ලක්‍ෂ්මී නමෝස්තුතේ

සර්වක්‍ෂ සර්ව වරදෙ
සර්ව දුෂ්ට භයංකරී
මන්ත‍්‍ර මූර්තෙ සදා දේවි
ශ‍්‍රී ලක්‍ෂ්මී නමෝස්තුතේ

සිද්ධි බුද්ධි ප‍්‍රදී දේවී
භක්ති මුක්ති ප‍්‍රදායිනි
සර්ව දුක්ඛ හරේදේවි
ශ‍්‍රී ලක්‍ෂ්මී නමෝස්තුතේ

අධ්‍යනක රහිතෙදේවි
ආi ශක්ති මහෙශ්වරී
මහා පාප හරේ දේවි
ශ‍්‍රී ලක්‍ෂ්මී නමෝස්තුතේ

පද්මාසන ස්ථිතෙ දේවි
පර බ‍්‍රහ්ම ස්වරූපිනී
පරමේෂ ජගත් මාකර්
ශ‍්‍රී ලක්‍ෂ්මී නමෝස්තුතේ

ශ්වේතාම්භර ධරෙ දේවි
නානා ලංකාර භූමිකෙ
ජගත් ස්ථිතෙ දේවි
ශ‍්‍රී ලක්‍ෂ්මී නමෝස්තුතේ

ජ්‍යොතිෂවේදී-රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment