සතුන්වත්තේ සිංහයාට කොවිඩ් හැදුණු හැටි සොයයි

315

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (18 වැනිදා* කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
 
 පවතින තත්ත්වය හමුවේ සත්වෝද්‍යානයේ සිටින අනෙක් සතුන් හා සේවකයන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද හෙතෙම කීය.
 
 මෙහිදී තවදුරටත් කතාකළ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කීය.
 
 මනුෂ්‍යාට ආසාදනය වන කොවිඞ් වෛරසයමද මේ සිංහයාට ආසාදනය වෙලා තියෙන්නේ කියලා පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා. මේ සිංහයාට වෛරසය බෝවුණේ කොහොමද? එයා හරහා අනෙක් සතුන්ටත් මේ වෛරසය බෝවුණාද ඒ සතුන් හරහා සත්වෝද්‍යානයේ සේවකයන්ට බෝවෙලා තියෙනවද කියලා පරීක්‍ෂණ සිදු කරමින් තිබෙනවා. මේ සිංහ කූඩුව භාරව සිටි රැකවලූන් දෙදෙනෙක් සත්වෝද්‍යානය තුළත් තවත් අයෙක් නිවස තුළත් නිරෝධායනය වෙනවා.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment