සතුන් රැකබලාගත් සොයුරියෝ දෙදෙනා කොරෝනා හැදී රෝහලේ – බල්ලන් බළලූන් 50ක් පමණ මත්තෙගොඩ නිවසක හාමතේ… – ඕමල්පේ සෝභිත හිමියෝ කියති

404

* දෙදෙනෙක් සතුන්ට කෑම දීම අවහිර කරනවාලූ

 මත්තේගොඩ නිවසක හව්හරණක් නැතිව සිටින සුනඛයන් සහ බළලූන් 50 කට පමණ ආහාර පාන ලබාදීමට නොහැකි තත්ත්වයට පත්කර ඇතැයි දක්‍ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (22දා* පැවැසූහ.

 මත්තේගොඩ අවිවාහක සහෝදරියන් දෙදෙනෙක් විසින් අසරණභාවයට පත්ව මහමග සිටි සුනඛයන් සහ බළලූන් ආහාර පාන ලබාදී රැුකබලාගනිමින් සිට ඇත. මේ දෙදෙනාට කොරෝනා රෝගය වැළ`දීම නිසා අසාධ්‍යව රෝහල්ගතව සිටින බැවින් සතුන්ට ආහාර පාන ලබාදීමේ හැකියාවක් නැතැයි ප‍්‍රදේශවාසීන් තමන් වහන්සේට දැනුම්දුන් බවත් උන්වහන්සේ කීහ.

 මේ සම්බන්ධයෙන් සොයාබලා සත්ව අවිහිංසා සංවිධානයේ මූලිකත්වයෙන් සතුන්ට ආහාර පාන ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරනු ලැබුවත් එම සහෝදරියන්ගේ සහෝදරයන් බව කියන දෙදෙනකු නිවසේ

 ගේට්ටු හැර සතුන්ට ආහාර පාන ලබාදීමට අවස්ථාවක් ලබානොදෙන බව දැනගන්නට ඇතැයි උන්වහන්සේ කීය.

 සතුන්ට ආහාරපාන ලබාදීමට අසල්වැසියන් ඉදිරිපත් වුවත් නිවසට ඇතුල්වීමට ඉඩප‍්‍රස්ථාව ලබානොදීම නිසා සතුන් අසරණභාවයට පත්ව සිටින බවත් මෙයට උපකාර කිරීමට මත්තේගොඩ පොලිසිය පවා සහයක් නොදක්වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment