සතුන් 550ක් පන්නන්න හැදූ රුසියන් අයට දඩ

218

හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සතුන් 550ක් ගෙන යාමට තැත් කළ රුසියානු ජාතිකයින් තිදෙනෙකුට රුපියල් අසූ හය ලක්ෂ පනස් පන් දහසක් දඩ මුදලක් ගෙවීමට නුවර එළිය මහේස්ත‍්‍රාත් ප‍්‍රදීප් ජයසිංහ මහතා නියෝග කළේය. මෙම දඩ මුදල නොගෙවන්නේ නම් එක් අයෙකුට වසර 77ක බැගින් සිර දඩුවමක් ද නියම කරන බව ද නියෝග කර ඇත.

සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550ක් ගෙන යාමට තැත් කිරීමේ චෝදනා මත වනෝද්‍යාන නිලධාරින් විසින් මීට වසර 2 කට පමණ පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට යෙමු කිරීමෙන් පසුව දීර්ඝ නඩු විභායකින් මෙම දඩුවම නියම කර ඇත්තේ චෝදනා 309ට වරදකරුවන් වූ රුසියන් ජාතික පුරා විද්‍යාඥයෙක් වූ ඉග්න ටෙන් කෝ ඇලෙක්සැන්ඩර්, ජීව විද්‍යාඥයෙක් වූ රියා බෝ ආර්ටෙම් සහ පරිගණක විද්‍යාඥයෙක් වූ කිලෆයාන් නිකොලාය යන තිදෙනාටය.

මෙම රුසියානු ජාතිකයන් තිදෙනා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැුසකින් එකතු කර ගන්නා ලද දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ 23 ට අයත් සතුන් 529 කු හා ශාක වර්ගවල කොටස් විශාල ප‍්‍රමාණයක් විශේෂ බහාලූ‍ම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොලක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් 2020 වසරේ පෙබරවාරි මස 26 දින අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment