සතොසට පැමිණෙන ජනතාව හූල්ලති: හාල්, පරිප්පු, කඩල, මුංඇට, ලූනු කිසිවක් නෑ

415

බුලත්සිංහල සතොස වෙළෙඳසැලේ සහල් වර්ග කිසිවක් නැත. කඩල, පරිප්පු, මුංඇට, කවුපි කිසිවක්ම නැත. ඇත්තේ කොත්තමල්ලි පමණි.

කරවල, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නැත. රටලූනු, රතුලූනු නැත. සතොසේ ඇත්තේ ඉදල්, කොහු, සබන් වර්ග පමණකි. සතොසට පැමිණෙන ජනතාව හූල්ලමින් පිටව යති.

මෙහි ලොකු ලූණූ කුණුවී ඇත. හාල්මැස්සන් දිරාපත් වී පාරිභෝජනයට සුදුසු තත්ත්වයේ නැත. ඇත්තේ කුණු වූ රටලූනු සහ කුණු වූ හාල්මැස්සන් පමණකි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ප‍්‍රදේශයේ වෙළෙඳසැල් වටලද්දී සතොස කුණු වූ හාල්මැස්සන් හා රටලූනු වටලන්නෙ නැත්තේ මන්දැයි පාරිභෝගික ජනතාව විමසති.

බුලත්සිංහල – එම්. ආර්. පේ‍්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment