සතොස ගැන අසතුටු කතාවක්

825


ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විණ.

එම ආයතනය 2022 වසරේදී පමණක් ලැබූ පාඩුව රුපියල් කෝටි හැටක් බව කෝප් කමිටුව සඳහන් කළ අතර සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී රුපියල් කෝටි 600 ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී දීර්ඝව සාකච්ඡා කළේය.

මනුෂ්‍ය පරිභෝජනයට ගෙන ආ සහල් තොග කල් ඉකුත් වීම හේතුවෙන් සත්ව ආහාරවලට විකිණීම නිසා මෙම පාඩුව සිදුවී තිබූ බවද එහිදී ප්‍රකාශ විණ.

මේ අනුව ඉදරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment