සතොස නඩුවට ජොනීට සිතාසි:

220

අරගලයට පහරදීම:
සී.අයි.ඩීයත් පැය 4ක් ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු,සතොස හිටපු සභාපති පොන්නගේ එරාජ් ටි්‍රයන්තා ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කාජා මොහිදීන් මොහොමඩ් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාට ලබන 4 වැනිදා මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.

2010.01.01 වැනිදා හා 2014.12.31 වැනිදා කාලය අතරතුරදී කුරුණෑගලදී සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රජයට රුපියල් කෝටි 04කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් පවරා තිබිණි.

පසුගිය මැයි 30 වැනිදා එලෙස පවරනු ලැබු නඩු පහ අතරින් තම අධිකරණය වෙත යොමුකර තිබූ එක් නඩුවක් සම්බන්ධයෙන් විභාගය පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා එලෙස විත්තිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment