සතොස නඩුවට  ජොනී ඇතුළු 3 කට අධිචෝදනා භාරදෙයි

90

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඉදිරියේදී ඊයේ (10 දා) අධිචෝදනා භාරදීම සිදුවිය.

එලෙස අධිචෝදනා භාරදුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපතිවරයකු වන එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙකු වන කාජා මොහිදීන් මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් තිදෙනා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති පෙර ඇපමත මුදාහැරීමට ද විනිසුරුවරයා නියෝග කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කිරීමට අපේක්‍ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන් අතර ඒ අනුව මූලික විරෝධතා ලබන නොවැම්බර් 01 වැනිදා ගොනු කරනා ලෙසටද විනිසුරුවරයා නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභ්‍යන්තර වෙළෙඳ හා සමුපකාර විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2010, 2011, 2012, 2013, 2014 කාලය අතරතුරදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් වෙන් වෙන්ව නඩු පහක් පවරා තිබිණි. එම නඩු පහ අතරින් 2011 වසරට අදාළ නඩුව ඊයේ එලෙස කැඳවිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment