සතොස භාණ්ඩ 06ක මිල අඩු කරයි

366

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල අද සිට පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන ඇත..ඒ අනුව, සුදු ළූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 60කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 490ක් වේ.පාන් පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 55කින් පහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 375ක්ව පැවති පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 320ක් වේ.රුපියල් 1500ක්ව පැවති හාල්මැස්සෝ කිලෝවක මිල රුපියල් 50කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 1450කි. කඩල පරිප්පු කිලෝවක මිල රුපියල් 30කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 285කි. සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 260කි. ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 169කි.

advertistmentadvertistment
advertistmentadvertistment