සතොස මාස්ක් සල්ලි පිල්ලි ගිහින්!- අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

207

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා සතොස ආයතනයට මුහුණු ආවරණ ලබා ගැනීමේදී ‘ප‍්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදලට’ එවැනි එක් මුහුණු ආවරණයකින් රුපියල් 2.00 ක් ලබාගැනීමෙන් මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඊයේ (13 දා) පැවසීය.

සතොස ආයතනය මගින් මුහුණු ආවරණ අලෙවි කිරීමේදී රුලියල් 02 ක් ප‍්‍රඥාබන්දු අරමුදලට බැරවන බවට වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගනුදෙනුව සිදුවීමට පෙර ප‍්‍රකාශ නොකිරීම මූල්‍ය වංචාවක් බවත් මේ ගැන අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි බව ද ඔහු කීය.

රංජිත් විතානගේ මහතා මෙසේද පැවසීය. ඇමැතිවරුන් රැසකට මෙවැනි ශිෂ්‍යත්ව අරමුදල් පවතිනවා. මෙවැනි දේවල් තුළින් අනිත් ඇමැතිවරුනුත් පන්නරයක් ලබාගෙන කටයුතු කළහොත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිත් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්‍ෂණය සාධාරණ ලෙස සිදු කෙරෙන්න නම් නිහතමානීව විමර්ශන අවසන් වනතෙක් හෝ සිය ධුරයෙන් ඉවත් වෙන්න කියා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment