සතොස හිටපු සභාපති වෙනුර රිමාන්ඩ්

330

රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන යන නමැත්තා (21) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ
ගමගේ මහතා ඊයේ (20දා) නියෝග කළේය.

සැකකාර සභාපතිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ හතර හමාරක් මුදලක් බැර වී ඇති බවට විමර්ශන මගින් අනාවරණය කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම නඩුව කැඳවීමට නියමිත අද දින සලකා බලන බව කියා සිටියේය.

2018 වසරේ සිදුව ඇති මෙම මුදල් වංචාව හේතුවෙන් සතොස හිටපු ප්‍රවාහන කළමනාකාරවරයා ලෙස කටයුතු කළ ඉන්දික හේමාල් රත්නමල්ල යන අය ද අද (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment