සද්භාවයෙන් ණය ගිවිසුම්වලට

88

මහ බැංකු අධිපති හා මුදල් ලේකම් ණය හිමියන්ට කියයි

විනිවිද භාවයෙන් හා සද්භාවයෙන් සියලු ණය හිමියන් සමග ණය සහන ගිවිසුම්වලට එළැඹීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට දැනුම් දී ඇත.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණයට අනුකූලව සියලු ණය හිමියන් සමග සම්බන්ධ වී අදාළ ණය ප්‍රතිකාර ගිවිසුම්වලට එළැඹීමට අපේක්‍ෂා කරන බව ද ඔවුන්ට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීමෙන් පසු මෙරට වාණිජ ණය හිමියන් දැනුවත් කිරීමේ ප්‍රථම සැසිය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි මාර්ග සිතියමක් සපයන බවට ද ශ්‍රී ලංකා ආර්ථික බලධාරීන් මෙහි දී ණය හිමියන්ට තවදුරටත් පවසා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment