සනත් ගේ අදහස ධනුෂ්කලාගේ පිත්තට

569

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. එමීරයේ පැවැත්වුණත් එහි සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව. සත්කාරක අයිතිය අපේ රටේ තියා ගෙන එමීරය දක්වා තරගාවලිය ඇදී ගියේ එකල අපේ රටේ පැවැති වාතාවරණය අයහපත් වූ නිසයි. ඒත් දැන් රටේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතිනවා. ඒ පිළිබඳව ලෝකයට දැනුම් දෙන්න හොඳම තැන තමයි ක්‍රීඩාව. ඒ ක්‍රීඩා අතරිනුත් ක්‍රිකට්. ක්‍රිකට් තමයි ලංකාවේ ‘බ්‍රෑන්ඩ්’ එක. එහෙම තමයි ලෝකයා කියන්නේ. මේ බ්‍රෑන්ඩ් එක මේ දිනවල ඔවුන් ගේ කලාපයේ ක්‍රිකට් සටනක නිරත වෙනවා. ඒ ආසියානු කුසලාන වෙනුවෙන්.

මේ තරගාවලියට පෙර සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක තානාපතිවරයෙකු ලෙස සනත් ජයසුරිය පත් කළා. ලංකාවේ ‘බ්‍රෑන්ඩ්. එක ක්‍රිකට් නම් ඒ ක්‍රිකට්වල ‘බ්‍රෑන්ඩ්. එක තමයි සනත්. එකල නොනිල බ්‍රෑන්ඩ් එකක් වූ සනත් හරීන් කළ පත් වීම නිසා දැන් නිල බ්‍රෑන්ඩ් එකක්. කොටින්ම ‘බ්‍රෑන්ඩ් ඇම්බසිඩර්’.

එහෙම තනතුරක් ලද සනත් අපේ රටේ ආපස්සට ගිය සංචාරක ක්ෂේත්‍රය ගොඩ දාන්න හොඳ සැලසුමක් ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක යොදා ගෙනම ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඔහු ඒ අනුව අපේ ක්‍රීඩකයින්ගේ  පිතිවල ‘විසිට් ශ්‍රී ලංකා. කියලා ස්ටිකර් එකක් අලවා ක්‍රීඩා කිරීමේ සැලසුමක් ගෙන ආවා. ඒ අනුව තමයි නායක දසුන් ශානක ධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් ඇතුළු පිතිකරුවන්ට රැසකගේ පිතිවලට ‘විසිට් ශ්‍රී ලංකා’ කියන ස්ටිකරය ආවේ. ඒ වගේම ඩූබායි ක්‍රීඩාංගණයේදී විශාල ඩිජිටල් තිරය මතත් ‘විසිට් ශ්‍රී ලංකා’ ලෙස වරින් වර දැක්වෙනවා.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment