සනත් නිශාන්තගේ සහ අශෝක ප්‍රියන්තගේ නිවස හා දේපළ විනාශ කෙරේ

1086

කුපිත වූ පිරිස් විසින් 9 වැනිදා රාත්‍රියේ පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුගේ නිවාසවලට හා දේපළවලට පහරදී අලාභහානි සිදුකර ගිනි තබා තිබේ. නිවෙස්වල ගාල්කර තිබූ වාහන කීපයකට ද දැඩි අලාභ සිදුකර ඇත.

සනත් නිශාන්තගේ සහ අශෝක ප්‍රියන්තගේ නිවස හා දේපළ විනාශ කෙරේ
සනත් නිශාන්තගේ සහ අශෝක ප්‍රියන්තගේ නිවස හා දේපළ විනාශ කෙරේ
සනත් නිශාන්තගේ සහ අශෝක ප්‍රියන්තගේ නිවස හා දේපළ විනාශ කෙරේ

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ ගම් පෙදෙස වන ආරච්චිකට්ටුව පිහිටි සිය කාර්යාලය සහ නිවස සම්පූර්ණයෙන් ගිනිතබා විනාශ කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ මරදවැල්ල පිහිටි නිවසට හා එහි ගාල්කර තිබූ වාහන දෙකකට යතුරුපැදියකට පහර දී දැඩි ලෙස අලාභ හානි සිදුකර ඇති අතර නාත්තන්ඩිය පිහිටි ඔහුගේ දෙමහල් නිවසට හා එහි ගාල්කර තිබූ සුඛෝපභෝගී වාහනයකටද දැඩි ලෙස හානි සිදුකර ඇත.

මෙම පහරදීම්වලට 2000කට ආසන්න පිරිසක් පැමිණි බව පොලිසිය පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිවෙස්වලට මේ වනවිට පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment