සනත් නිශාන්තට නඩු දානවා – නීතිඥ විජිත කුමාර

324

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව නඩු පවරන බව නීතිඥ විජිත කුමාර මහතා ප්‍රකාශ කරයි.

සනත් නිශාන්ත මන්ත්‍රිවරයා අපරාධකරුවෙකුට ඇප ලබාදීම පිළිබඳව විනිසුරුවන්ට චෝදනා එල්ල කර ඇති බවත් මෙයින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් විජිත කුමාර මහතා කියයි. විනිසුරුවන් වගකීම් විරහිතව කටයුතු කරන බව මන්ත්‍රිවරයා පැවසීම බරපතළ ප්‍රකාශයක් බවත් නීතිඥවරයා කීය. විජිත කුමාර මහතා මේ කරුණු ප්‍රකාශ කළේ පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

රොෂාන් තුෂාර අරලගංවිල
 

advertistmentadvertistment
advertistmentadvertistment