සන්ධ්‍යා එක්නැලිගොඩගේ පෙත්සමේ  – වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් නම් කරයි

258

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීම බලරහිත කරන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28දා) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන්නේය.

එම පෙත්සම බුවනෙක අලූවිහාරේ, අර්ජුන ඔබේසේකර හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ලබාදුන් එම පොදු සමාව මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ එකී ක‍්‍රියාකලාපය නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා ලෙසත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය එම පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 17 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment