සන්ධි රෝගවලට ප්‍රතිකාර ගැනීමේදී මේ ගැනත් සිතන්න

666

 සන්ධි රෝග සම්බන්ධව ජනතාව අතර විවිධ මත පවතී. එම රෝග ඇතිවීමට බලපාන හේතු සුව කරන ආකාරය ආදී ලෙසින් විවිධ වෛi ක්‍රමයන්ට අනුව ලබා ඇති අත්දැකීම් සහ ප්‍රතිකාර අනුව එම මත සමාජය තුළ පැතිර ගොස් තිබේ. ආයුර්වේද වෛi ක්‍රමයේද වසර දහස් ගණනක සිට සන්ධි රෝග සම්බන්ධව පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇත.සෑම සත්ත්වයෙක් ආශ්‍රිතවම සන්ධියක ක්‍රියාකාරීත්වයේ ඇතිවන වෙනස්කමක් සහ එහි ව්‍යුහාත්මක වෙනස්කමක් සන්ධි රෝගයක් ලෙස සලකනු ලබයි.මිනිසුන්ට ඇතිවන සන්ධි රෝග ද කුඩා දරුවාගේ පටන් තරුණ, වැඩිහිටි, මහලු යන ඕනෑම වයස් කාණ්ඩයකදී මතුවිය හැකිය. ඒ සඳහා බලපාන විවිධ හේතු ඇත. එබැවින් දක්‍ෂ වෛiවරයකුට එම සන්ධි රෝගයට බලපා ඇති නිවැරදි හේතුව හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළ හැකි ය.සන්ධි රෝග නිට්ටාවට සුව කරන බවත් ඒ සඳහා ඉක්මන් සුවය දෙන තෙල් වර්ග ඇති බවත් පවසන්නේ සන්ධි රෝග ගැන නිසි අවබෝධයකින් තොරව ප්‍රතිකාර කරන අය බවත් අප වටහා ගත යුතුය.මන්ද යත් සන්ධි රෝගයක් සුව කිරීම හෝ පාලනය කිරීම තීරණය වන්නේ ඒ සඳහා බලපා ඇති හේතුව, එය මතු වී ඇති වයස් කාණ්ඩය, ඒ සඳහා රෝගියා දක්වන කැපවීම සහ ලබාදෙන ප්‍රතිකාර අනුවය.
 
 සන්ධි රෝග වර්ග විශාල ප්‍රමාණයක් ඇත. වයසට යන විට ඇතිවන සන්ධි රෝග අපට බහුලව දකින්නට ලැබේ. එය වාත රෝග ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. දණහිස, දෑත් දෙපාහි ඇඟිලි ආශ්‍රිත සන්ධිවල, බෙල්ලේ ආදී විවිධ ස්ථානවල මෙම සන්ධි රෝග හටගනී.ඊට අමතරව විවිධ හේතු නිසා ඇතිවන සන්ධි රෝග ඇත. උදාහරණයක් ලෙස ආමවාත තත්ත්වය නිසා ඇතිවන සන්ධි රෝගය දැක්විය හැකිය. මෙය කුඩා, තරුණ, මහලු යන ඕනෑම වයසකදී මතුවේ. ඒ සඳහා බලපාන්නේ ශරීරය මගින් සන්ධි ආශ්‍රිත පටක කාටිලේජවලට එරෙහිව දක්වන ප්‍රතික්‍රියාවක් නිසා ය. ඉන් එම පටක සහ කාටිලේජ හානියට ලක්වීම නිසා සන්ධි රෝග ඇති වේ.වැටීම්, තුවාලවීම්, බිඳීම්, අනතුරු නිසා සන්ධියේ ව්‍යුහාත්මක වෙනස්කමක් නිසා මතුවන සන්ධි රෝග ඇත. උපතින්ම ඇතිවන හේතු නිසා මතුවන සන්ධි රෝග වර්ග ද පවතී.විෂබීජ ආසාදනයක් නිසා මතුවත සන්ධි රෝග ද තිබේ. එනම් සෙප්ටික් ආතරයිටිස් නමැති රෝගයයි. යම්කිසි ක්‍ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමක් නිසා සන්ධිවලට හානි සිදුවීම මෙහිදී බලපායි.මෙම කරුණු අනුව නිසි වෛi පරීක්‍ෂාවකට ලක්ව සන්ධි රෝගය හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර කළ යුතුයි. එහිදී තැවීම, තෙල් වර්ග ආලේපය, ඖෂධ වර්ග ගැල්වීම ආදිය සිදු කරන්නේ රෝගය අනුවය. මතුව ඇති සන්ධි රෝගය අනුව තැවීමේ ප්‍රතිකාර කිරීම සුදුසු ද නැතිද කියා නිසි දැනුමක් සහිත වෛiවරයකුට තීරණය කළ හැකියි. එසේ නොවුණහොත් සිදුකළ ප්‍රතිකාර නිසා මතුව ඇති සන්ධි රෝගය උග්‍ර තත්ත්වයට පත් වී සන්ධිවල විකෘතිතා මතුවේ. එවැනි බොහෝ රෝගීන් අප වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. නිසි සුදුසුකම් ලත් වෛiවරයකුගෙන් ප්‍රතිකාර නොගැනීම නිසා ඔවුන් තම සන්ධි රෝගය දරුණු තත්ත්වයට පත්කර ගෙන තිබෙනවා.
 
 සන්ධි රෝගයකදී ඇතිවන වේදනාව නිසා අප දැඩි ලෙස පීඩාවට පත්වේ. එය මුළු ජීවිත කාලයටම පීඩාවට පත්වන තත්ත්වයට පත්කරගන්නේ නැතිව නිසි ප්‍රතිකාර ලබාගෙන නිට්ටාවට සුව කර ගැනීම හෝ රෝගය පාලනය කර ගැනීමට වගබලා ගත යුතුය.මැජික් පෙන්වනවා ලෙස තෙල් ආලේප මගින් සන්ධි රෝග සුව කළ නොහැකියි. එවැනි තෙල් වර්ගවලින් සිදුකරන්නේ සන්ධි රෝගය නිසා හටගෙන ඇති වේදනාව යටපත් කිරීම පමණයි. එනිසා මෙම තෙල් වර්ග වේදනානාශක ප්‍රතිකාරයක් පමණයි. ඉන් ලැබෙන්නේ තාවකාලික සුවයකි.
 
 මෙම වේදනානාශක ආලේප ගැල්වීම මගින් සන්ධිවල අභ්‍යන්තරයේ පටකවලට හානියක් සිදුව ඇත්නම් හෝ සන්ධිවල පිහිටීමේ විකෘතිතාවයක් මතුව ඇත්නම් එය සුවපත් නොවේ. එනිසා මෙවැනි ප්‍රතිකාර මගින් සන්ධි රෝගය තව තවත් දරුණු තත්ත්වයට පත්වේ.සන්ධි රෝගයකදී ප්‍රතිකාර ලබා දීමේදී සිදුකරන ස්ථානීය ප්‍රතිකාර, ආලේපන වර්ග ගැල්වීම මෙන්ම ආහාර වර්ග මගින් ද සන්ධිවලට නිසි පෝෂණය ලබාදීම අවශ්‍ය ව්‍යායාම සිදුකිරීම, විවේකය ලබාදීම, ඖෂධ වර්ග පානයට දීම මගින් ද සන්ධිවලට ප්‍රතිකාර ලබාදීම සිදුකළ යුතුයි.
 
 අප සෑම පුද්ගලයකුගේම වයසට යන විට සන්ධිවල වෙනස්කම් ඇති වේ. එහිදී අපගේ ශරීරයේ බර, ගතකරන ජීවන රටාව, රැකියාවේ ස්වභාවය අනුව මෙම වෙනස්කම් සිදුවීම කඩිනම් වේ.ඊට අමතරව ශීතල පරිසරයේදී සන්ධි රෝග උත්සන්න වීම සිදුවේ. විටමින් වර්ග ඌනතා නිසා සන්ධි රෝග මතුවේ. මෙලෙස විවිධ හේතු නිසා ඇතිවන සන්ධි රෝග නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු වේ. ඒ සඳහා ආයුර්වේදයේ ඕනෑතරම් ප්‍රතිකාර ඇත.

සන්ධි රෝගවලට ප්‍රතිකාර ගැනීමේදී මේ ගැනත් සිතන්න


advertistmentadvertistment
advertistmentadvertistment