සන්රයිසස් හයිද්‍රාබාද් ගුජරාට් අපරාජිත ගමනට තිත තියයි

219

2022 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් අපරාජිත ගමන නිමා කරමින් මෙවර තරගාවලියේ සිය දෙවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පෙරේදා (11 වැනිදා) සමත්විය. එ් එම තරගය කඩුලූ 8කින් ජය ගනිමින්.

තරගාවලියේ 21 වැනි තරගය ලෙසින් කි‍්‍රයාත්මක වූ අදාළ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 7ක් දැවී ලකුණු 162ක් වාර්තා කළේය. එ් අනුව ජයග‍්‍රාහී ඉනිම දියත් කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලූ 2ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය.

සන්රයිසස් ඉනිමේ ජයග‍්‍රාහී නියමුවා බවට පත්වූ කේන් විලියම්සන් පන්දු 46කදී ලකුණු 57ක් වාර්තා කළ අතර අභිෂේක් වර්මා පන්දු 32කින් ලකුණු 42ක් රැස් කළේය. නිකොලස් පූර්න් නොදැවී ලකුණු 34කින් ඉනිම සැරසුවේය.

ටයිටන්ස් වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට නායක හර්දික් පාණ්ඩයා සමත්විය. පන්දු 42ක් වැය වූ එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. අබිනව් මනෝහර් ලකුණු 35ක් රැස් කළේය.

ලකුණු සාරාංශය

ගුජරාට් ටයිටන්ස් පන්දුවාර 20දී කඩුලූ 7ක් දැවී ලකුණු 162යි.

සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුවාර 19.1කදී කඩුලූ 2ක් දැවී ලකුණු 168යි.

advertistmentadvertistment
advertistmentadvertistment