සනීපාරක්‍ෂක තුවා  බදු කීපයක් ජනපති උපදෙසින් ඉවතට

239

ඇමැතිනි ගීතා කියයි

රජයේ බදු ඉහළ නැංවීම නිසා කාන්තා සනීපාරක්‍ෂක තුවා මිල ඉහළ යෑමෙන් කාන්තාවන් මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයට විසඳුම් ලබාදීමට වහා ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.

එම සනීපාරක්‍ෂක තුවා සම්බන්ධයෙන් දැනට පවතින බදු කිහිපයක්ම මේ අනුව ඉවත් කෙරෙනු ඇති බව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දිගින් දිගටම කරුණු දැක්වූ කාන්තා හා ළමාරක්‍ෂක වැඩබලන කැබිනට් ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

මේ සනීපාරක්‍ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බවත් කාන්තාවන්ගේ සනීපාරක්‍ෂාවට අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවත් පැවසූ ඇමැතිවරිය පාසල් දියණිවරුන්ද උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පාසල් යෑමට ද නොහැකිව අපහසුවට පත්ව ඇති බව ද සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment