සනුක – වින්ඩි ජීවන ගීය අරඹයි

342

සංසාර සිහිනේ – පෙර මඟ මා සිටියා
කවදා ද නුඹ එන්නේ – ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා – මා නුඹේ කුමරා
….

සනුක – වින්ඩි යුවළට මීවිත සුබ පැතුම්!

සරාගයේ, පෙර වදනක්, චාඕ මල්ලී, අම්මා, මල් වියන් වැනි තාරුණ්‍යය අතර අතිශය ජනාදරයට පාත්‍රවුණු ගීත ගැයූ සංගීත් වික්‍රමසිංහ ගේ පුත් සනුක වික්‍රමසිංහ පසුගියදා යුග දිවියට එළැඹුණා.

සනුකගේ අතිනත ගත්තේ ලාංකේය සංගීතයේ වෙනස්ම සලකුණක් වූ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලෝකා පෙරේරා ගේ කණිටු දියණිය වන වින්ඩි ගුණතිලක සමග ය.

සනුක - වින්ඩි ජීවන ගීය අරඹයි

කලා පවුල් දෙකක මේ එකතුව සිදුවුණේ පසුගිය 26 වැනිදා ජයවර්ධනපුර පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී ය. විනිඩි ගුණතිලකගේ උපන් දිනය යෙදී තිබුණේද 26 වැනිදාටමය.

සනුක වික්‍රමසිංහ එසේම වින්ඩි ගුණතිලක ගේ වෙඩින් එක ප්ලෑන් කරලා තියෙන්නේ සිරිත වෙඩින් ප්ලෑනර් විසිනි. එතකොට මේ දෙන්නගේ වෙඩින් එකට ආපු අමුත්තන්ව සංගීතයෙන් පිනවලා තියෙන්නේ ‘ඩැඩී’ සංගීත කණ්ඩායමයි.

සනුක - වින්ඩි ජීවන ගීය අරඹයි

වින්ඩි ගුණතිලකව ධනංජය බණ්ඩාර අතින් හැඩවෙනකොට සනුකගේ කොණ්ඩා සැකසුම් අවීරා හෙයාර් ඇන්ඩ් බියුටි විසින් සකසලා තියෙනවා. දෙන්නගේ වෙඩින් එක මල්වලින් සැරසුවේ සෙකන්ඩ් චාස්ස් ෆ්ලෝරා විසිනි. කන්ට්‍රි බන්ච්ස් ඇන්ඩ් ගිෆ්ට් විසින් වින්ඩිගෙ මල් කළඹ සැකසුවා.

සනුක - වින්ඩි ජීවන ගීය අරඹයි

කේක් බයි අම්නා විසින් වෙඩින් කේක් එක සරසනකොට කළම්බෝ වෙඩින් ෆිල්ම්ස් විසින් විවාහ උත්සවයේ වීඩියෝ කරලා තියෙනවා. විවාහ උත්සවයේ රූප රාමු කැමරාවට හසුකරගෙන තියෙන්නෙ බියොන්ඩ් ඩිස්ටිනි විසිනි.

සනුක - වින්ඩි ජීවන ගීය අරඹයි

යූ ටියුබ් නැරඹුම් වාර මිලියන දහය ඉක්මවූ ‘අයියෝ සාමි නී’ ගීතය ගායනා කරමින් වින්ඩ් ගුණතිලක පසුගිය දවස්වල අතිශය ජනාදරයට පත්වුණා. මෙම ගීතයේ තනු නිර්මාණය සහ සංගීතය සැපයූවේ ද සනුක වික්‍රමසිංහ ය.

සනුක - වින්ඩි ජීවන ගීය අරඹයි

සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වූ මෙම විවාහ උත්සවයේ දසුන් කිහිපයක් මීවිත පාඨකයන් වෙනුවෙන් මෙලෙස ගෙන එන්නේ සනුක වින්ඩ් යුවළට සුබ මංගලම් ප්‍රාර්ථනා කරමිනි.

සනුක - වින්ඩි ජීවන ගීය අරඹයි

advertistmentadvertistment
advertistmentadvertistment