සඳකඩපහණ යළි රට වටා

62

බොහෝ සංස්කෘතික ඉසව්වන් සඳහා විවිධ පරිසර හේතු මගින් සීමා පැනවූ යුගය නිම වෙමින් පවතිනු දැකීම සතුටකි. පසුගිය සමයෙහි ලැබුණු රසික සංවිධායක ඉල්ලීම් මත සඳකඩපහණ ප්‍රසංගය නෙත්රූ කලා සංසදයේ ඉදිරිපත්කිරීමක් ලෙස 2023 ජනවාරි 14 වන දා මාදම්පේ සමුපකාර ශාලාවෙහි ද” කඩවත ව්‍යාපාරික සංගමයේ ඉදිරිපත්කිරීමක් ලෙස පබරවාරි 04 වන දා ගම්පහදී ද පැවැත්වෙනු ඇත. මෙහි සංගීත මෙහෙයුම සුසිල් අමරසිංහ විසින් ද පිටපත රචනය සහ ප්‍රසංග කළමනාකරණය පුෂ්කර වන්නිආරච්චි විසින් ද සිදු කෙරෙයි.

දිගු කාලයක් පුරා මෙරට සංගීත රසකාමීන්ගේ අපමණ ඇගැයීමට සහ වින්දනයට හේතු වූ සුනිල් එදිරිසිංහයන්ගේ ‘සඳකඩපහණ. ප්‍රසංගය නැවත රට වටා ගමන් අරඹන්නට සැරැසෙන බව අසන්නට ලැබීම රසිකයන්ට මෙන්ම මෙරට ප්‍රසංග සංවිධායකයන්ගේ ද අමන්දානන්දයට හේතුවනු ඇත.

පුෂ්කර වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment