සඳහිරු සෑ රදුන් සසුනට පිදුණු වගයි…

321

තිස්වසරක කුරිරු යුද්ධයේදී ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුදාගැනීම සඳහා දිවිපිදූ හා ආබාධිත වූ රණවිරුවන්ට උපහාර පිණිස රණවිරු ශ‍්‍රමයෙන් අනුරාධපුර පුණ්‍ය භූමියේ ඉදිකළ සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාව පිණිස සඟසතුකොට පූජා කිරීම ඊයේ (18දා) පස්වරු 5.03 ට යෙදුණ සුභ මොහොතින් මහාසංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

සඳහිරු සෑ රදුන් සසුනට පිදුණු වගයි...

මහාසංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද කොත්වහන්සේ නිරාවරණය කරමින් සෑ රඳුන් බුද්ධ ශාසනයට පූජා කළ අතර ඉන්පසු ජනාධිපති සහ අගමැති ඇතුළු ආරාධිතයෝ ඊට වන්දනා මාන කළහ.

සඳහිරු සෑ රදුන් සසුනට පිදුණු වගයි...

ඉන්පසුව සලපතල මළුවේ පිහිටි සඳහිරු සෑ විහාර මන්දිරයේ ධාතු කරඬුව ආභරණ පූජා කිරීමද, ජනාධිපතිවරයා, අගමැතිවරයා අතින් සිදුවිය. ඉන්පසු ආර්යාවන්ද රට වෙනුවෙන් දිවිපි¥ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිඳුන්ගේ බිරිඳ ලීලා කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ද ඊට එක්වූහ.

ඉපැරැණි චාරිත‍්‍ර වාරිත‍්‍ර සහිතව පැවැති පුණ්‍යෝත්සවයට ත‍්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාද මැති ඇමැතිවරුන්ද ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

සඳහිරු සෑ රදුන් සසුනට පිදුණු වගයි...

උපාලි ද සේරම්, පර්සි කුරුනේරු – අනුරාධපුර

advertistmentadvertistment
advertistmentadvertistment