සඳුදා තෙක් විදුලි කැපිල්ල ඕනෑ නෑ  

83

තාප බලාගාරවලට අවශ්‍ය තරම් ඉන්ධන ලැබී තිබෙන නිසා ලබන සඳුදා (31 දා) තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් විදුලි බලාගාරවලට අවශ්‍ය ඞීසල් හා නැප්තා ලබා දී ඇතැයි ද ඒ මහතා කියා සිටී. ඒ අනුව ලබන සඳුදා වන විට ඇති වී තිබෙන තත්ත්වය සමාලෝචනයට ලක්කර විදුලි කප්පාදුව පිළිබඳ සලකා බලන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට දෛනික විදුලි ඉල්ලූම සපුරාලිය හැකි බව ද ඒ මහතා දැනුම් දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment