සපුගස්කන්දෙන් දැවි තෙල් විතරයි

129

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් සිකුරාදා (15 වැනිදා) සිට යළි පිරිපහදු කටයුතු ආරම්භ කළත් එහි මතුවී තිබෙන දැඩි කාර්මික දෝෂ ගණනාවක් නිසා ඉන් නිපදවෙන්නේ දැවිතෙල් පමණකැයි පිරිපහදු උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

බොරතෙල් නොමැති නිසා පිරිපහදුව දින 68 ක කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ අතර මේ වනවිට පිරිපහදුවෙන් නැප්තා පෙට්‍රල් හා ඩීසල් ආදිය නිපදවාගත නොහැකි වී ඇතැයි ද හෙතෙම කීය.

මෙටි්‍රක් ටොන් 99,000 ක් අඩංගු බොරතෙල් නෞකාවෙන් මෙරටට ගෙනැවිත් ඒවා කොළොන්නාවේ ගබඩාවල තැන්පත් කර තිබිණි. ඒ අතර එක්වරම බොරතෙල් මෙටි්‍රක් ටොන් 95,000 බැගින් වූ තවත් බොරතෙල් නෞකා දෙකක්ම වරායට පැමිණ තිබේ.

බොරතෙල් ගොඩබා ගැනීමට ඉඩකඩ මදිවීම හා විදුලි බලාගාරවලට දැවිතෙල් නිකුත් කළ හැකි නිසා සංස්ථා ගබඩාවල තිබූ මෙටි්‍රක් ටොන් 30,000 ක් ලංවිමට ලබාදීමට පියවර ගෙන ඇත.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment