සපුගස්කන්දෙන් දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 5200ක් පිරිපහදු කළ හැකියි

174

පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ නියමිත අයුරින් පිරිපහදු කටයුතු ආරම්භ වීමෙන් පසු දිනකට බොරතෙල් මෙටි්‍රක් ටොන් 5200 ප්‍රමාණයක් පිරිපහදු කළ හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව දෛනිකව එමගින් එල්. පී. ගෑස් සිලින්ඩර 7600 ක ප්‍රමාණයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 550 ක් (ලීටර් 6600 බවුසර් 108 ක්) කැලණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන ලීටර් 567000 ක්, භූමිතෙල් ලීටර් දහතුන් ලක්‍ෂයක් (ලීටර් 6600 බවුසර් 196 ක්) ඩීසල් ලීටර් දහඅටලක්‍ෂ හැටදහසක් (ලීටර් 6600 බවුසර් 281 ක්) විදුලි බලාගාර සඳහා දැවිතෙල් ලීටර් දහසයලක්‍ෂ හැත්තෑඅටදහසක් (ලීටර් 6600 බවුසර් 254ක්) නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව ද එම නිලධාරියා සඳහන් කළේය. මේ වන විට යළි ක්‍රියාත්මක කර ඇති සපුගස්කන්ද පිරිපහදුවෙන් ගුවන් යානා ඉන්ධන සහ පර්නස් ඉන්ධන නිපදවීම ආරම්භ වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment