සපුගස්කන්දේ නිපදවන තෙක් රට පුරා භූමිතෙල් හිඟයි

138

මෙරට භූමිතෙල් අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා ආනයනය කළ ඉන්ධන ගුවන්යානා සඳහා නිකුත් කිරීමට සිදුවීම නිසා රට තුළ බරපතළ භූමිතෙල් හිඟයක් මතුවී ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට සංස්ථාව සතුව ඇත්තේ භූමිතෙල් ජෙට් AI මෙට්‍රික් ටොන් 386ක් පමණි.

මෙරට භූමිතෙල් පාරිභෝජනය දිනකට මෙටි්‍රක් ටොන් 600ක් පමණ දක්වා ඉහළ ගොස් තිබුණත් එම ඉල්ලුම සපුරාලීමට තරම් භූමිතෙල් සංස්ථාව සතුව නැත.

ඉකුත් දිනවල භූමිතෙල් අවශ්‍යතාව සපුරාලීම සඳහා ආනයනය කර තිබූ මෙට්‍රික් ටොන් 380,000ක ඉන්ධන ප්‍රමාණයෙන් වැඩි කොටසක් ගුවන්යානා සඳහා නිකුත් කිරීමට සිදුවීම නිසා භූමිතෙල් අවශ්‍යතාව සපුරාලීමට නොහැකිවී ඇත.

ගුවන්යානා සඳහා භාවිත කරන ඉන්ධන හා භූමිතෙල් අතර ඇත්තේ ඉතා සුළු රසායනික සංයුති වෙනසකි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් භූමිතෙල් නිපදවා

ගන්නා තෙක් භූමිතෙල් හිඟය පවතිනු ඇතැයිද හෙතෙම කීය. මෙනිසා කොළඹ, වතුකරයේ ජනතාව හා ධීවර ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර භූමිතෙල් ලබා ගැනීම සඳහා රටේ ප්‍රදේශ ගණනාවක ජනතාව ඉකුත් දින කිහිපයේ සිටම දිගු පෝලිම්වලට වී භූමිතෙල් පැමිණෙනතුරු බලා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment